
(ආනන්ද ජයකොඩි)
කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගයේ කළගෙඩිහේන නගරාසන්නයේදී අද(09) කන්ටේනර් රථයක් මාර්ගය හරහා පෙරළීම නිසා වාහන ධාවනයට බාධා එල්ල වී තිබේ.
කොළඹ සිට මහනුවර බලා ධාවනය වෙමින් පැවති මෙම කන්ටේනර් රථය රබර් ජල නල පටවා තිබූ රථයකි. ප්‍රධාන මාර්ගයේ තිබූ විදුලි පහන් කණුවකද ගැටී, මාර්ගය හරහා පෙරළී ඇත.
මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ කොළඹ දෙසට සහ මහනුවර දෙසට ඇති මංතීරු දෙකෙහිම රථවාහන තදබදයක් හටගෙන තිබේ.
නිට්ටඹුව පොලිසිය සහ ගම්පහ පොලිසිය එම ස්ථානයට පැමිණ රථවාහන ධාවනය සහ තදබදය මගහරවාගෙන කටයුතු කිරීමට රියැරදුරන් මෙහෙයවමින් සිටී.
මෙම කන්ටේනරය ඉවත්කිරීම සඳහා කටයුතු සිදුවෙමින් පවතී.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙපමණ වැස්සක් වහින වෙලාවෙත් ඉතා පරිස්සමෙන් රිය පදවා තිබෙන මෙම නීතිගරුක, ඉවසිලිවන්ත රියදුරු මහතාට අපේ උපහාරය.