IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කොළඹ පිරිසකට ඇස්ට්‍රා සෙනිකා හෙට සිට

(ඩයනා උදයංගනී)

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නත් පළමු මාත්‍රාව ලබාගත් වයස අවුරුදු 70ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දෙවන මාත්‍රාව ලබාදීම හෙට (28) සිට සිදුකරන බව කොළඹ මහ නගර සභාව පවසයි.

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ඇස්ට්‍රා සෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් වයස අවුරුදු 70ට වැඩි 10,500 ක් පමණ සිටින බව කොළඹ මහ නගර නගර සභා‍වේ වසංගත රෝග විද්‍යාඥ, වෛද්‍ය දිනුකා ගුරුගේ මහත්මිය පැවසුවාය.

මෙම එන්නත් ලබාදීම මධ්‍යස්ථාන දෙකක දී සිදු කරන අතර උතුරු කොළඹ සහ මැද කොළඹ ප්‍රදේශ ආවරණය වන පරිදි සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණයේත්, බොරැල්ල, බටහිර කොළඹ සහ නැගෙනහිර කොළඹ ආවරණය වන පරිදි කිරුළපන මුගලන් පාරේ සිතුමිණ ප්‍රජා ශාලාවේදීත් එන්නත් ලබාදීම සිදුකරන බව සියලු කටයුතු සූදානම් කර ඇතැයි දිනුකා ගුරුගේ මහත්මිය සඳහන් කළාය.

කොළඹ නගර සභාවේ එන්නත්කරණ මධ්‍යස්ථානයකින් මෙම එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් අයට ඔවුන් ලබාදුන් දුරකථන අංකය වෙත covid vaccine යනුවෙන් ලබාදෙන කෙටි පණිවිඩයක් මගින් පැමිණිය යුතු දිනය, වේලාව සහ ස්ථානය ලබාදෙන බවත් එන්නත්කරණයට පැමිණීමේදී එම කෙටි පණිවිඩය සහිත ජංගම දුරකතනය රැගෙනඒම මෙන්ම එන්නත්කරණ කාඩ්පත සහ ජාතික හැඳුනුම්පත රැගෙන ඒම ද අත්‍යාවශ්‍ය බව ඇය කීවාය.

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමකට අනුව, කොළඹ මහ නගර සභාව වෙත මෙම එන්නත් මාත්‍රා ලබාදී ඇත.

පළමු මාත්‍රාව ලබා ගැනීමේදී ජංගම දුරකතන අංකයක් නොව නිවසේ ස්ථාවර දුරකතන අංක ලබාදුන් අය වේ නම් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා දැනුවත් කර දෙවන මාත්‍රාව ලබාගැනීමේ අවස්ථාව ලබාගත හැකි බව ද වෛද්‍ය දිනුකා ගුරුගේ මහත්මිය පැවසුවාය.

 



අදහස් (5)

කොළඹ පිරිසකට ඇස්ට්‍රා සෙනිකා හෙට සිට

Akila Sunday, 27 June 2021 01:39 PM

නැහැයි කියපු එන්නත් කොහොමද එක පාරටම හම්බවුනේ? එතකොට අනිත් ප්‍රදේශවල අයට දෙවෙනි මාත්‍රාව දෙන්නේ කවද්ද?

:       15       98

PrashanSunday, 27 June 2021 02:57 PM

මටත් තිබෙන ප්‍රශ්නය එයමයි.

:       0       57

බි ඩී අසෝක ද සිල්වා ගාදියශසමි Sunday, 27 June 2021 03:05 PM

අපිට 70 වැඩිය එත් කෙටි පණිවිඩ ලැබුනේ නැත බොහොම දුකයී

:       0       56

Charmaine Sunday, 27 June 2021 05:26 PM

ඇත්තටම මට මෙම එන්නත් බෙදී යාමේ විෂමතාවය ගැන තිබෙන්නේ පුදුමාකාර දුකක් සහ කලකිරීමක් තමයි තියෙන්නේ. කොළඹ දිස්ත්‍රික්කයේ තව වයස 65 ට වැඩි කීදෙනෙකු සිටිනවද ඇස්ට්‍රාසෙනිකා දෙවෙනි මාත්‍රාව බලාපොරොත්තුව... රජය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශිත වයස අනුපිළිවෙලින් මෙය මුල සිටම සැලැස්මකට බෙදාහැරියා නම් මෙම ප්‍රශ්නය වළක්වා ගැනීමට හෝ අවම කර ගැනීමට තිබුණා. මෙය හොර පාරෙන් ගත්තු අය ගැන එහෙන් මෙහෙන් ඇහෙන විට සහ ඒ අය ඒ ගැන උජාරුවෙන් කතාකරන විට මට ඉතාම තරහක් ඇතිවෙනවා. කරුණාකර දැන් මම රජයෙන් ඉල්ලා සිටින්නේ අහිංසක නීතිගරුක ජනතාව මෙවන් අසහනයට අසරණතාවයට පත් නොකරන ලෙසයි. ඒ වගේම රජය දෙවන මාත්‍රාව සඳහා ෆයිසර් එන්නත දෙන්න තීරණය කළොත් මම ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වයස අනුව ප්‍රමුඛතාවය දෙන ලෙසට... මෙම වෛද්‍යතුමිය හැකි අයුරින් එන්නත දීමට කරන උත්සාහය අගය කරනවා...

:       1       131

sharm warn Monday, 28 June 2021 04:13 PM

මම හිතන්නේ වැඩියෙන්ම අකටයුතුකම් සිද්ද වුණේ බස්නාහිර පළාතේ වෙන්න ඇති. පළමු එන්නතවත් තවම ගන්න බැරිවුණු අය කොච්චර ඉන්නවද? හිතන හිතන තැනින් එන්නත් දුන්නා. යාළුකම්, බලපුළුවන්කාරකම් තිබුණු අය කොහෙන් කොහෙන් හරි එකයි දෙකයි දෙකම ගහගත්තා. අපේ මිනිස්සු කොච්චර අමනුෂ්‍යයින්ද කියලා දැක්කේ එදා... කොහොම වුණත් අපිළිවෙළ කියන එකේ උපරිම අවස්ථාව තමයි දැක්කේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 17 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 819 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 600 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site