(යොහාන් භාසුර)
කොළඹ ප්‍රදේශයේ ජල ධාරිතාව වැඩි දියුණු කිරීම සඳහා අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිදුකරන අත්‍යාවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට (10) පෙරවරු 9.00 සිට අනිද්දා (11) පෙරවරු 6.00 දක්වා පැය 21 ක කාලයක් කොළඹ ප්‍රදේශ කීපයකට ජල සැපයුම අත්හිටුවන බව සහ අඩාල වන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි.
කොළඹ 1, 2, 3, 7, 8, 9, 10 සහ 11 යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 4 සහ 12 යන ප්‍රදේශවල අඩු පීඩනය යටතේ ජලය සපයන බවත් ජල සම්පාදන මණ්ඩලය කියයි.
COMMENTS