
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මහවැව ධර්මරාජ විද්‍යාලය ජාතික පාසලක් නොකිරිමට විරෝධය පා මව්පියන් අද (13) දින පුත්තලම කොළඹ මාර්ගය සම්පුර්ණයෙන් වසා විරෝධතාවයක් ආරම්භ කර ඇති බව මාරවිල පොලිසිය පවසයි.
ජාතික පාසලක් ලෙස නම් කිරිමට අදාල නිර්නායක හතෙන් හයක්ම සපුරා ඇති තම පාසල එයින් ඉවත් කර දේශපාලඥයකුගේ බල කිරිමට වෙනත පාසලක් නම් කිරිම හේතුවෙන් මහවැව ධර්මරාජ විද්‍යාලයේ මව්පියන් මෙසේ මාර්ග වසා දමා විරෝධතාවය අරඹා තිබේ.
විරෝධතාවය මහවැව නගරයේ දී සමකාමීව පොස්ටර් හා බැනර් කටවුට් ඔසවා විරෝධතාවය ආරම්භ කර තිබු නමුත් එම ස්ථානයට කිසිදු බළධාරියකු නොපැමිණිමට උරණ වු මව්පියන් පසුව මාර්ගය වසා දමා මෙසේ විරෝධතාවය ආරම්භ කර ඇති බව කියයි.
මව්පියන්ගේ විරෝධතාවයට සහාය දක්වමින් මහා සංඝරත්නය මාර්ගය මැද පුටුමත් අසුන් ගෙන විරෝධතාවයට සහාය දැක්විම සිදුවිනි .





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd