(ජයන්ත සමරකෝන්)
කොළඹ නගර සීමාව තුළ රුපියල් 20 ක සීමිත බස් ගාස්තුවක් යටතේ පොදු මගී ප්‍රවාහන සේවාවක් ආරම්භ කිරීම සඳහා කොළඹ මහ නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ යෝජනාවකට කොළඹ මහ නගර සභාවේ අනුමැතිය පළ වී ඇත.
ඉකුත් ජුනි මාසයේ දී මහා සභාවට ඉදිරිපත් කළ මෙම යෝජනාවට සභාවේ පූර්ණ අනුමැති හිමි වී ඇතැයි එම යෝජනාව ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව දැනට සාකච්ඡා ආරම්භ කර ඇතැයි ද නාගරික මන්ත්‍රී හේමන්ත වීරකෝන් මහතා සඳහන් කළේය.
නගරයේ පවතින වාහන තදබදයත්, පෞද්ගලික වාහන නගරයට පැමිණීමත් අඩු කරගැනීම සඳහා මෙම වැඩපිළිවෙළ ඉවහල් වන බවද මන්ත්‍රීවරයා කීවේය.
COMMENTS
ඉස්සර කොළ කවය කියලා එකක් තිබුණා... නාරාහේන්පිට, කොටුව, මරදානෙන් යනවා... අැස්වාට්ටුවෙන් එනවා..
එය සාර්ථකව ක්‍රියාත්මක කළ හැකි නම් හොඳ පියවරක්.
ඔතන ඉන්න දේශපාලන හාල්පාරුවන්ගේනුත්, පව්ඩර් බබාලගෙනුත් ඔය වගේ දෙයක් කරන්න මොලයක් තිබුනේ ජේවීපී එකට විතරද?
ඔතන ඉන්න දේශපාලකයන්ගෙන් ඔය වගේ දෙයක් කරන්න මොලයක් තිබුනේ ජේ.වී.පී. එකට විතරද?
ඔතන ඉන්න දේශපාලන හාල්පාරුවන්ගෙනුත්, පවුඩර් බබාලාගෙනුත් ඔය වගේ දෙයක් කරන්න මොලයක් තිබුණේ ජේවීපී එකට විතරයිද?
නව බස් දැම්මා කියලා මාර්ග තදබදය අඩු වෙන්නේ නෑ. තියෙන බස් වෙනුවට ඩබල් ඩෙකර් දානවා නම් තදබදය අඩු වෙන්න හැකියි.මොකද පාරේ යන පුද්ගලික වාහන වල මිනිස්සු එකම පාරේ යන්නේ නෑ. එතනින් එක එක පාරවල් වලට එක එක තැන්වලට හැරෙනවා.එකම වෙලාවේ ගියාට එකම වෙලාවේ ආපහු එන්නේ නෑ. ඒ වගේම ගිය තැනින් එන්නේ විවිධ ගමනාන්ත වලට. එතකොට බස් දාලා ඕක විසඳන්න බෑ. වෙන්නේ බස් එකේ යන මිනිස්සුම බස් වලට බෙදිලා යනවා. ඕන නම් ත්‍රීවීල් වල යනවා වෙනුවට යම් මට්ටමකට ඔය බස් වල යන්න හැකියි. ඒත් කාර්වල යන මනුස්සයට ඕක බස් එකේ යන්න හේතුවක් නෙවෙයි.
ගෙදර වාහනෙන් නගරයට ඇවිල්ලා එ්ක නවත්වන්න පහසුකම් දෙන්න. ඉන්පසු මොනෝරේල් හෝ තියෙන රේල් අලුතින් එක්කරන්න. මිනිසුන්ට කොළඹට අාවම කම්පැනියට එන්න ගේමක් නෙමෙයි.