(ජයන්ත සමරකෝන්)
සතියකට ආසන්න කාලයක් තිස්සේ කොළඹ නගරයේ ගොස ගැසී තිබූ කසළ කඳු හෙට (12) පස්වරු වනවිට පුත්තලම අරුවක්කාලු කසළ අංගනය වෙත බැහැර කර අවසන් කරන බව කොළඹ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා පැවැසීය.
ඉකුත් 9 වැනිදා සිට මෙම කසළ බැහැර කිරීම ආරම්භ වූ බවද ඒ අනුව දිනපතා එකතුවන කසළ මෙට්ට්‍රික්ටොන් 600 ක් පුත්තලම අරුවක්කාලු වෙත රැගෙන යන බවද එම කාලය මාස 6 ක් පමණ විය හැකි බවද ඒ මහතා කීය.
මේ සඳහා කොන්ත්‍රාත් සමාගමකට භාරදී ඇතැයි එම සමාගමට අයත් එක් ලොරි රථයකට පුත්තලම දක්වා යාමට රුපියල් ලක්ෂයකට අධික මුදලක් වැයවන බවද ඒ අනුව දිනකට ජනතාවගේ බදු මුදලින් ලක්ෂ 25 කට ආසන්න මුදලක් වැය කිරීමට සිදුවී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
ඒ අනුව එක් මාසයකදී රුපියල් කෝටි 7 කට අධික මුදලක් වැය කිරීමට සිදුවනු ඇතැයිද නගර සභාව සඳහන් කරයි.
ඉකුත් 5 වැනිදා සිට කොළඹ නගරයේ කසළ වත්තල කෙරවලපිටිය කසළ අංගනයට භාර ගැනීම ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් නගරයේ කුණු කසල බැහැර කිරීම අත්හිටුවීමට සිදුවී තිබුණි.
COMMENTS
තවත් හොඳ බිස්නස් එකක්.. 50000ක් ලොරියට, 50000ක් සාක්කුවට..
අනේ වාසනාවන් දියවන්නාවේ ඉන්න 225ත් ඒ එක්කම අරගෙනයිනේ.. කොච්චර හොඳද?
මෙගා පොලීසිය ඉන්න හිතෙන රටක්... එ්කේ එක පියවරක් වෙන්න ඇති. බොරු කයිවාරු කාරයන්.
අන්න මහින්ද පොහොට්ටු රැස්වීමෙදි කිව්ව කුණු ගැන . හැබැයි මීතොටමුල්ලෙ කුණු හංගපු එක කීවෙ නැහැ.
දියුණු රටවල මේ දේ කරන්නේ මෙහෙමයි. ඒ ඒ පළාත් පාලන ආයතනය පියනකින් වසන ලද මීටර එකාහා මාරක් පමණ උස භාජන දෙකක් දෙනවා හැම නිවසකටම. එකක් බෝතල් පත්තර ප්ලාස්ටික් වැනි දේ සදහා. අඩංගු කළහැකි වර්ග එහි පින්තුර ලෙස සටහන් කර ඇත. අනික් භාජනය මුළුතැන්ගෙයි ඇති කුණු සදහා. සති දෙකකට වරක් බෝතල් වැනි දේ ද ,අනික් කුණු සතිපතාම එකතු කරයි. මේ භාජනවලට දැමිය නොහැකි දේ වසරකටවරක් නොමිලයේ එකතු කරයි. මේවා පාවිචිචි කරන ලද ලීබඩු ටීවී වැනි විශාලදේ යි. මුල් භාජන වල කුණු එකතු කිරීම වෙනුවෙන් සියලු දෙනා නියමිත් සුළු මුදලක් නගර සභාවට ගෙවයි. බෝතල් බෙලෙක් ආදී බදු සහ පත්තර කඩදාසි විකිනීමට හැකි
දස මිලියන එක මිලියන හතලින් තුන් දාසයක් කියල නේද ඇස්තමේන්තුව. අපි නම් කොළඹ කට්ටියට නෙමෙයි වරිපනම් ගෙවන්නේ වෙන හොරු රංචුවකට. ඒහින්ද අපිට ගානක් නෑ.
දීර්ඝ කාලීන පියවරක් ගන්න. මේක අපේ රට. ඒක රැක ගන්න උවමනාවක් නැද්ද.
2015 ට ඉස්සර කොළොඹ කියන්නේ ආසියාවේ තිබුන අලංකාරම නගරයක්.... බලන්න ඊට පස්සේ එක විනාශ කල හැටි... ගෝඨාභය මහතා කරගෙන අපු වැඩ පිලිවල වෙනස් කර, සමහර දේවල් නැවැත්තුව.... අන්න ඒක නිසයි අද කොළොඹ ඔය වගේ තත්වයකට පත් උනේ... ඉහල නිලදාරී කියන්නේ මම දන්නේ නැහැ,, එක මගේ රාජකාරියක් නොවේ.... අරයට කියන්න,.... මෙයට කියන්න..... ඔන්න ඔකයි... නිසි කළමනාකරණයක් නැහැ. දැඩි තීරණ ගන්න පාලකයෝ නැහැ. මෙය වෙනස් කලයුතු කාර්යක් තවත් බලාගෙන ඉන්න බැහැ.
හැම ගෙදරකටම කොම්පෝස්ට් ටැංකියක් නොමිලේ දුන්නත් පාඩු නෑ. නොදිරන කුණු පමණක් ගෙනයන්න. හැබැයි ඉති එහෙම කලොත් සාක්කුවට පාඩු නේ.
අරුවක්කලුවට කොළඹ සිට 172 KM .100000/ 344 = රුපියල් 290 ක් කිලෝ මීටරයකට ගාන. සැපයිනේ.