ශ්‍රීලන්කන් එයාර් ලයින් ගුවන් සේවයේ කටුනායක සිට කොචින් දක්වා ගුවන් ගමන් අගෝස්තු මස 11 වැනි දා දක්වා අත්හිටුවීමට කිරීමට තීරණය කර තිබේ.

ඉන්දියාවේ කොචින් හි ඇතිවී තිබෙන ගංවතුර තත්ත්වය හේතුවෙන් මෙලෙස ගුවන් ගමන් නතර කර ඇත.

දැනට පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් අගෝස්තු 11 වැනි දා සවස 3.00 දක්වා කොචින් ගුවන්තොටුපළේ  සියලුම මෙහෙයුම් කටයුතු නතර කිරිමට එරට ගුවන් තොටුපළ බලධාරීන් තීරණය කර තිබේ.

ගංවතුර තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ බටහිර ප්‍රාන්ත 4 ක් වන කේරළ, කර්ණාටක, මහාරාෂ්ට්‍ර, ගුජරාට් යන ප්‍රාන්තවලට දැනටමත් රතු නිවේදන නිකුත් කර ඇති බව සඳහන් කරයි.

(28535)