IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


කොළොන්න රෝහලේ ගැටලූවට විසඳුම් ගන්න හෙට සාකච්ඡාවක්

(අජිත්ලාල් ශාන්තඋදය සහ දාපනේ ජයන්ත නානායක්කාර)

 

කොළොන්න රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා සිටියදී වෙනත් වෛද්‍යවරියක් පසුගිය 1දා සිට එම තනතුරට පත්කර එවීමෙන් පසු සෙසු වෛද්‍යවරු එම රෝහලේ සේවයෙන් ඉවත්වීමෙන් කොළොන්න රෝහලේ සේවා කටයුතු දින 11ක් තිස්සේ අඩපණ වී තිබේ.

ඒ සම්බන්ධයෙන් විසඳුමක් ලබාගැනීමේ සාකච්ඡාවක් හෙට (14) සවස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සමඟ පැවැත්වීමට නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා පැවසීය.

මැතිවරණයක් ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසුව මෙවැනි ස්ථානමාරුවක් සිදු කිරීම මැතිවරණ නීතිය උල්ලංඝණය කිරීමක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා අවධාරණය කළේය.

එසේම මෙම ස්ථාන මාරුව වාර්ෂික වෛද්‍ය ස්ථානමාරු ක‍්‍රමවේදයට සම්පූර්ණයෙන් ම පටහැනි බවද කී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා සෞඛ්‍ය ඇමැතිවරයාගේ උවමනාව මත සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය විසින් කළ ක‍්‍රම විරෝධී ස්ථාන මාරුවක් බව ද කීවේය.

මෙවැනි ස්ථාන මාරු නිසා රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් මෙන්ම රෝහල් වලින් සේවාවන් ලබන රෝගීන් ද දැඩි අපහසුතාවට පත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා පැවසීය.

ඌව පළාතේ මොණරාගල දිස්ත‍්‍රික්කයේ හම්බෙගමුව රෝහලේ සේවය කළ වෛද්‍යවරියක් එම රෝහලෙන් නිදහස් නොකර සබරගමු පළාතේ රත්නපුර දිස්ත‍්‍රික්කයේ කොළොන්න ප‍්‍රාදේශීය රෝහලේ ප‍්‍රධාන වෛද්‍යවරිය ලෙස උසස් කර ස්ථානමාරුව ලබාදී ඇති බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා සඳහන් කළේය.

ඇය පස් වසරක කාලයක් කොළොන්න රෝහලේ සේවය කර හම්බෙගමුව රෝහලට ස්ථානමාරු ලැබ වසරක් පමණ වෙයි.

කොළොන්න රෝහලේ ප‍්‍රධාන වෛද්‍යවරයෙක් සේවය කරද්දීම පසුගිය 1 දා සිට මෙම ස්ථානමාරුව සිදුකර ඇති අතර එම ස්ථානමාරුව වහා අවලංගු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරියට දැනුම් දුන්න ද ඊට යහපත් ප‍්‍රතිචාරයක් නොලද බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා කීවේය.

ඉන්පසු කොළොන්න රෝහලේ ප‍්‍රධාන වෛද්‍යවරයා ඇතුළු වෛද්‍යවරු පස් දෙනා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපදෙස් මත රත්නපුර නව නගරයේ පිහිටි සබරගමු පළාත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේ අත්සන් කළ බවද කීවේය. පසුදා එනම් 04දා සිට මේ දක්වා එම වෛද්‍යවරු ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ සේවයට අත්සන් කරන බව ද කීවේය.

වාට්ටු පහක් සහ දන්ත සායනක් ඇතුළු වෙනත් අටක් පමණ ද බාහිර රෝගීන්ගේ අංශයකින් ද සමන්විත කොළොන්න රෝහලේ කටයුතු මේ වනවිට අඩාලවී ඇති බව සේවකයන් සහ ප‍්‍රදේශවාසීහූ පවසති.

අලූතින් ප‍්‍රධාන වෛද්‍ය නිලධාරිනිය ලෙස පත්ව ආ වෛද්‍යවරිය ප‍්‍රතිකාර සේවා කළ ද වෛද්‍යවරු 6 දෙනෙක් ආවරණය කළ සේවාවන් ඇයට තනිව ආවරණය කිරිමට නොහැකි නිසා වැඩ මෙසේ අඩාලව පවතී.

දැනට දින 11ක් තිසේ පවතින මේ තත්ත්වයට විසඳුමක් ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පවත්වන බව කී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා මෙයට හොඳම විසඳුම ස්ථාන මාරුකළ වෛද්‍යවරිය නැවත හම්බෙගමුව රෝහලේ සේවයේ පිහිටුවීම බවද පැවසුවේය.

හෙට (14) පැවැත්වෙන සාකච්ඡාවේ දී සතුටුදායක පිළිතුරක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා පැවසුවේය.



අදහස් (2)

කොළොන්න රෝහලේ ගැටලූවට විසඳුම් ගන්න හෙට සාකච්ඡාවක්

ප්‍රදීප් Sunday, 13 October 2019 05:38 PM

දොස්තර කෙනෙකුගේ මාරුවකට විරුද්ද වීමට දින 11ක් රෝගීන්ට බෙහෙත් නොදී, පඩි ගන්න ගමන් පුද්ගලික ප්‍රතිකාරද කරමින් මුදල් උපයන ඔබලා පලිගන්නේ ඇමතිගෙන්ද නැත්නම් දුප්පත් රෝගීන්ගෙන්ද? දොස්තරලා කොතරම් ආත්මාර්ථකාමිද කියා හොඳින් පෙනේ. වෙන රැකියාවල අසාධාරණ නැද්ද? යුද්ධයකදී දින ගණන් මහා වැස්සේ තෙමෙමින් එකම ඇඳුම ඇඳගෙන ,වනාන්තර වල සිටි සෙබළුන් වගේ ඔබලත් කැපවුනානම්?

:       0       41

නෙවිල් Monday, 14 October 2019 03:15 AM

ගෝඨා ආවාම ඔය ඔක්කොම නවති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 129 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 218 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1070 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site