(සුමිත් ප්‍රේමතිලක)
කළුතර ඇතුළු පළාත් රැසකට සිට ඇදහැලෙන අධික වර්ෂාපතනය නිසා කුකුලේගග සහ ම්ල්ලකන්ද ජල මාපකයන්හී ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පහත්බිම් රැසක් ජලයෙන් යටවෙමින් පවතින බව කළුතර ආපදා කළමනාකරණ කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශයකයෙක් දහවල් පැවසීය .
මේ අතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14 තුල නිවාස 21 කට හානි සිදුව ඇතැයිද වාර්තා වෙයි.
නායයාමේ අවදානම හේතුවෙන්, අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් කළුපහන, ගලඋඩකන්ද ප්‍රදේශයේ පවුල් 12 ක සාමාජිකයන් කළුපහන විජයසුන්දරරාම විහාරස්ථානයට යොමුකර ඇතැයි ද ප්‍රකාශකයා පැවසීය.
කුකුලේ ගඟ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් වාන් දොරටු දෙකක් විවෘත කර ඇති අතර , තත්පරයට ඝණ මීටර් 40 ක් බැගින් පිටවන බැව් පැවසේ .
මෝල්කාව බුලත්සිංහල මාර්ගය නාලියද්ද ප්‍රදේශයෙන් අඩි පහක් පමණ 5 ක් ජලයෙන් යටවී ඇති අතර , එම මාර්ගයේ ගමනාගමනය මුළුමනින්ම ඇණහිට තිබේ .
ඇතිවිය හැකි හදිසි තත්වයන් සඳහා සහන කණ්ඩායම් සහ යුද හමුදාව සුදානමින් සිටින අතර, කළු ගඟේ ජල මට්ටම ඉහළ ගියහොත් ඇතිවන ගංවතුර අවදානම් සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසට ජනතාවට දැනුම් දෙන බවද ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කළුතරත් ගම් රැසක් ජලයෙන් යටවෙයි