
(සුනිල් එස්. තන්ත්‍රිආරච්චි)
ස්ථීර ගව ඝාතකාගාරයක් ඉදි කිරීම සඳහා කළුතර නගර සභාවට ඉදිරිපත් කිරීමට සූදානම් වූ යෝජනාවට විරෝධය පා භීක්ෂූන් වහන්සේලා පිරිසක් කළුතර නගර සභා රැස්වීම මැදට කඩා වැදී සිය විරෝධය ප්‍රකාශ කළහ.
මාසික රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාව ඉදිරිපත් නොකරන ලෙස සභාපතිවරයාගෙන් ඉල්ලා සිටි අතර එම යෝජනාව සම්මත කර නොගන්නැයි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගෙන් එම භික්ෂූන් වහන්සේලා ඉල්ලා සිටියහ.
දකුණු කළුතර මරික්කාර් විදියේ පවත්වාගෙන යන තාවකාලික ගව ඝාතකාගාරයට ස්ථිර බලපත්‍රයක් ලබා දිය යුතු බවට සභා අනුමැතිය ලබා ගැනීම සඳහා වූ මෙම යෝජනාව සභාපති එම්.අමීර් නසීර් මහතා ඉදිරිපත් කරන බව න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇත.
බෞද්ධ ජනතාව බහුතරයක් වාසය කරන ඉමහත් ගෞරවයට පාත්‍ර වූ කළුතර බෝධීන් වහන්සේ වැඩ වාසය කරන කළුතර නගරය තුළ මෙැවැනි හිංසාවාදී කටයුත්තක් සඳහා කළුතර නගර සභාව ස්ථීර අනුමැතියක් හෝ බලපත්‍රයක් ලබා දීම නුසුදුසු බවත් මෙම යෝජනාවට විරෝධය පල කරමින් මහ සඝරුවන කියා සිටියේහ.
උතුරු කළුතර ගංගාරාමාධිපති හෙට්ටිපොළ සීවලී, ගංගාරාමවාසී මාතලේ සුනීත, ඈතගම ශ්‍රී විජයාරාමාධිපති මස්පන්නේ ගුණාලංකාර යන හිමිවරු ප්‍රධාන භික්ෂූන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
ගවයින් මැරීම තහනම් කළා නේද? ඒක දැන් අමතක වෙලාද? මේ විදිහට ගවයින් ඝාතනය කරන්න ගියොත් අර 69 ලක්ෂය ඉක්මණටම වඳවෙන්න පුළුවනි..!!!
මිනිසුන් සතුන්ගේ සියලු අයිතීන් උදුරාගෙන. මුලු පරිසරයම තමන් සතු කරගෙන. මිහිතලයම විනාශ කරමින් සිටිනවා. කොරෝනා යම් පණිවිඩයක් දුන්නා. එය තේරුම් ගත්තේ නෑ. ඊළඟ වතාවේ ස්වාභාවධර්මය මිනිස් සතා මේ මිහිපිටින් අතු ගා දමාවි...
බෞද්ධයකු වශයෙන් මගේ අදහස නම් අපේ හාමුදුරුවරු මීට වඩා බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි.
ලංකාවටම ආගමික ස්ථානවල තියෙන කරදරකාරී ලවුඩ්ස්පීකර් එපා...!!!
මම නිර්මාංශිකයෙක්. ඒත්, අනිත් අයගේ අයිතියට ගරු කරන කෙනෙක්. ඔය කළුතර බේරුවල දර්ගා නගරය පැත්තේ එක්තරා ආගමිකයන් අහිංසක ගවයන් ඝාතනය කරනා හැටි මා දැක තිබෙනවා. අඩුම තරමේ පරපණ නැසුවත්, සුද්දා ඒ සතාට වද නොදී සිහි නැතිකොට ඒ දේ කරන්නවත් දන්නවා. ඒ වුණත් ඉහත කී අමනුෂ්‍ය මස් වැද්දන්, ගවයන් මැරීමට පෙර ඒ සතුන්ගේ අවයව පණ තියෙද්දීම කපාදමා උඩපැන පැන සතුටු වෙන්නේ කිසිම හිතක් පපුවක් නැති අය වගෙයි. කරුණාකර මේවා නුදුටු අය කෙසේ හෝ මේවා සියැසින් දැක ගන්න. එදාට ඔයාලාට ඒ සතුන් විඳිනා අනන්ත දුක් කන්දරාව ගැන අපමණ දුකක් ඇතිවේවි. බෙල්ලත් සම්පූර්ණයෙන්ම කපා වෙන් කරන්නේ නැහැ. ඒ නිසා සතා මියයන්නේ බොහෝ වේදනා විඳලයි. අනිත් සතුන් බලා සිටියදීම, සතුන්ගේ බෙලි කපනවා. පිහිය බෙල්ලට තියනා විටම සතාගේ ඇස්වලින් උණු කඳුළු වැගිරෙනවා. මෙවන් වැඩ කරනා නරුම මිනිසුන් මේ රටට මහා ශාපයක්...