
(රොමේෂ් මධුෂංක)
මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනට යොමු කර සිටින ලංකා ගුරුසංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිං ඇතුලු පිරිස නිරෝධායන මධ්‍යස්ථානයේ සිට විරෝධතාවක නිරත වූහ.
පාර්ලිමේන්තු වටරවුමේදී නිරෝධායන නීති උල්ලංඝනය කරමින් විරෝධතාවක නිරත වූවේ යැයි පවසා ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිං ඇතුලු 31 දෙනකුගෙන් යුතු පිරිසට අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමෙන් අනතුරුව එම පිරිස නිරෝධායනයට යොමු කර ඇත.
නිරෝධායනය වන අතරතුරු ද එම පිරිස කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත ඉවත් කරගන්නා ලෙසට රජයට බලකරමින් ජෝෂප් ස්ටාලිං ඇතුලු පිරිස නිරෝධායන මධ්‍යස්ථානයේ සම්පත් උපයෝගි කරගනිමින් නොයෙක් සටන් පාඨ ලියූ වැකි ප්‍රදර්ශනය කරමින් විරෝධතාවක නිරත වූහ.
ඒකාබද්ද රැකියා විරහිත උපාදිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඥානානන්ද හිමියන්, ජාතික භික්ෂූ පෙරමුනේ මාධ්‍ය ලේකම් කොස්වත්තේ මහානාම හිමියන් ඇතුලු පිරිසක් එම විරෝධතාවට එක් වූහ.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.