
(රොමේෂ් මධුෂංඛ)
ඉන්දියාවේ සිට ගෙන එන ලද වියලි කහ කිලෝ 750ක් මන්නාරම සිලාවතුර ප්‍රදේශයේදී අද (24) අලුයම සිය බාරයට ගත් බව යුද හමුදාව පැවසිය.
මන්නාරම 54 සේනාංකයට අයත් යුදහමුදා සෙබලුන් පිරිසක් විසින් ශිලාවතුර ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී ශිලාවතුර මුහුදු වෙරල තීරයේදී සඟවා තිබූ ගෝනි තොගයක් පරික්ෂා කිරීමේදී අදාල වියලි කහ තොගය හමු වී ඇත.
අදාල කහ තොගය රැගෙන එන ලද පුද්ගලයින් කවුරුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතර ඉන්දියාවේ සිට වියලි කහ තොගයන් මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් යුදහමුදාව දැක ජාවාරම් කරුවන් විසින් දමා පලා යන්නට ඇති බවට යුදහමුදාව සැක පල කර සිටියි.
අත්අඩංගුවට ගත් වියලි කහ තොගය වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා සිලාවතුර පොලීසියට භාර දීමට පියවර ගෙන ඇතයිද යුදහමුදාව පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන්ගේ අතවහ්‍ය දේවල් වෙනුවෙන් හරියට වැඩ