IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


කොහිවෙද අන්මගක් මේ මග හැර අපට?

ගිනි මද්දහනෙ ගව් ගණනක් ගොස්      දුරට

තොලකට තෙමන දිය බිඳ ගෙන එන    මගට

ගැල ඇද යනු පිණිස ගොනු සවි නැති   කලට

කොහිවෙද අන්මගක් මේ මග හැර       අපට?

                                   ආරියසේන හඳුවල

(ප්‍රසන්න පත්මසිරි)

රිදිමාලියද්ද වරාපිටියේ ගම්වාසීන්ට බීමට වතුර සොයා ඈත ගම්මානවලට යෑමට සිදුව තිබේ. ජලය රැගෙන එන්න ප්‍රවාහන පහසුකම් නැති නිසා ගොන් කරත්තයක් ගෙන උපයෝගී කර ගන්නා අතර ගොන්නු නැති නිසා ඊට හොඳ ශක්තිමත් දෙදෙනකු තෝරා ගෙන ඇත.  

ගම්මානය පුරා කෙටි කාලයක් තුළදි සීඝ්‍ර ලෙස ව්‍යප්තවන වකුගඩු රෝගයෙන් බේරීම සදහා ගැමියෝ පිටස්තර ගම්මානවලින් මෙසේ  ජලය ගෙන එනති.

ප්‍රදේශයේ ළිං ජලයේ කිවුල් ජලයෙන් වකුගඩු රෝගය සීඝ්‍ර ලෙස පැතිරී යන බව ගම්මු කියන අතර පානීය ජල ප්‍රශ්නයට කිසිදු බළධාරියකු මෙතෙක් විසදුමක් නොදුන් බව ඔවුහු කියති.

ගම්මානයේ ජනතාව ඈත ගම්මානවලට ගොස් පිරිසිදු පානිය ජලය පිරවු බදුන් ගැල් කරත්ත වල පටවා මින්සුන් විසින්ම කරත්තය ඇදගෙන එන අයුරු අප කැමරාවේ සටහන් වුයේ මේ අයුරිනි.



අදහස් (9)

කොහිවෙද අන්මගක් මේ මග හැර අපට?

fairoos Tuesday, 01 March 2022 07:46 PM

පාස්කු ප්‍රහාරයයි, බදියුදීන් ගැනයි කිව්වා නම් බයියන්ට බොන්න වතුරත් ඕනෙ නැහැ...

:       2       31

සිරිසේන Tuesday, 01 March 2022 08:55 PM

අහෝ...! කොතරම් දේශපාලකයින් බිහි වුවද අහිංසක මිනිසුන්ට බීමට වතුර පොදක් ලබාදීමට කවුරුවත් නැහැ..

:       2       26

චමින්ද Wednesday, 02 March 2022 11:01 AM

නැහැ කියන්නෙ නැතුව ගම්මැද්දට කියලා බලන්න ඔවුන් එහෙම දේවල් කරනවා කියලා නිතරම කියනවා. මෙහෙම තියෙද්දී රටේ දෙවැනි ලොක්ක කියනවා මෙහෙම සංවර්ධනයක් ලංකාවේ මෙයට පෙර තිබුණේ නැහැ කියලා...!

:       0       4

බද්රානි Tuesday, 01 March 2022 10:10 PM

නෙලුම් කුළුනේ සිරියාව නරඹද්දී අපට නම් වතුර පිපාසයක් දැනෙන්නේවත් නැහැ. ඒ තරමටම ඇඟට සනීපයි. එයාලට ඔහොම හරි වතුර හොයා ගන්න පුළුවන්. එත්, අපිට ආසාවට කන්න වඳ කොත්තුවක් හොයා ගන්න නැහැනේ මේ පැත්ත පලාතක.

:       0       3

Pradeep Kumara Tuesday, 01 March 2022 10:55 PM

ආසියාවේ ආශ්චර්‍යය ද මේ..

:       0       3

ගුණරත්න Wednesday, 02 March 2022 02:21 AM

මමත් වතුර නැති ග්‍රාමීය පළාතක ජීවත් වෙන කෙනෙක්. ඇත්තටම ලංකාවේ වතුර නැති පළාතක් නැහැ. ලෝකේ සමහර රටවල් තියෙනවා අඩි 1500ක් හෑරුවත් වතුර එන්නේ නැති. හැබැයි ලංකාවේ අඩි 150ක් හෑරුවොත් වතුර එනවා. අඩි 150ක නල ලිඳක් ගහන්න ලක්ෂ 3 ක් වගේ ඕනෑ වෙන්නේ. හැබැයි නගරවල වගේ නෙවෙයි ගම්වල, කිසිම සමගියක් නැහැ... කෙනෙකුට හරියනවට තව කෙනෙක් කැමැති නැහැ. ගෙදරක ළමයෙක් රස්සාවකට ගියොත් හැම තැනකටම පෙත්සම් ගහලා දෙමව්පියන්ගේ සමෘද්ධි කපන කුහක මිනිස්සු ගම්වල ඉන්නේ. හැමෝටම ඕන තමන්ගේ වත්තේ තනියම නල ලිඳක් ගහගන්න. ගමේ හැමෝම එකතු වෙලා, සල්ලි එකතු කරලා පොදු තැනක නල ළිඳක් ගහලා, ටැංකියක් ගහලා බට ටිකක් දැම්මා නම් වතුර ප්‍රශ්නයක් නෙවෙයි. සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්ට කියලා රජයෙන් මුදල් ආධාර ගන්න ඕනෑතරම් පුළුවන්. ගම්වල සමගියක් නැතිකම තමා ඔය විදිහට වේලෙන්න හේතුව...

:       0       2

මසිරිපාලWednesday, 02 March 2022 02:24 PM

මේ කතාව සහතික ඇත්ත.. 2002දී පමණ කාලයේ සමෘද්ධිය සම්බන්ධ වෙලා ප්‍රජා ජලව්‍යාපෘතියක් පටන්ගත්තේ සමිතියක් පිහිටුවාගෙන... ඉතින් මුලින්ම සමෘද්ධි නිලධාරින් කිව්වේ සෑම මසකම සාමාජිකයින් නඩත්තු මුදලක් ගෙවිය යුතුයි කියලා මේක කාලයක් සිදුවුණා. නමුත් මෙය නඩත්තු කරන කෙනාට මසකට රුපියල් 500ක් ගෙවීමට එක මාමෙක් හා මාමගේ බිරිඳගේ අක්කගේ බෑණා... විරුද්ධව විවිධ කුමන්ත්‍රණ කළා. ගාස්තු ගෙවීම පැහැර හැරියා දැන් ව්‍යාපෘතිය අඩපණ වෙලා...

:       0       1

Nihal Wednesday, 02 March 2022 07:08 AM

මෙයාලගේ තමයි වරද. පොරොන්දුවට රැවටිලා උදෙන්ම ගිහින් ඡන්දෙ දාලා ඇවිල්ලා දෙනකම් උඩ බලාගෙන ඉන්නවා ඇති. ඡන්දෙ ඉල්ලන්න එන වෙලාවට ලුණු අඹුල් ඇතුව කියලා කොස්සක් අතට ගත්තා නම් හෙට ඉඳලා වැඩ පටන් ගනී

:       0       1

sharm warn Wednesday, 02 March 2022 10:23 AM

අන්න අරහෙ ලොක්කා පුරාජේරු කියනවා. මේ තරම් මුළු රටම එකම සංවර්ධනයකට යොමුවෙච්ච කාලයක් තවත් නැහැ කියලා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 174 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 376 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 162 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site