
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කොරෝනා රෝගය වැළඳුණු ,රාගම පෞද්ගලික රෝහලක කළමණාකාර අධ්‍යක්ෂකවරයෙකුගේ පළමු වසරේ අධ්‍යාපනය ලබන දරුවාට, උපකාරක පංතියක් පැවැත්වූ ගුරුවරිය ඇතුළු 65 දෙනකුගේ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ වලට අනුව කිසිවකුට කොරෝනා වයිරසය වැළඳී නොමැති බවට තහවුරු වී ඇතැයි, පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය.
රෝහල් කළමනාකාරවරයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආරාධිත උපදේශකවරයකු හැටියට සේවය කරන අතරතුර දී කොරෝනා රෝගය වැළඳීමත් සමග සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයට අනුව ඔහුගේ පවුලේ බිරිඳ සහ දරුවන් දෙදෙනාටද වයිරසය වැළඳී ඇති බවට තහවුරු වී තිබුණි.
ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයින් සොයා විමර්ශන සිදු කිරීමේදී සය හැවිරිදි දරුවා , පිලියන්දල සිද්දමුල්ල ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගි වී ඇති බවට තහවුරු වී තිබීමත් සමග එහි උපකාරක පන්ති ගුරුවරිය ඇතුළු 65 දෙනකු පී.සී.ආර් පරීක්ෂණයට ලක් කළ බව වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය .
මේ සඳහා කහතුඩුව හා පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලීය බල ප්‍රදේශවල පිරිසක් සහභාගී වී තිබුණි .
ඒ අනුව ඊට අදාළ වාර්තාව 23 දා උදෑසන ලැබුණු අතර ඉන් කිසිවකුට හෝ කොවිඩ් 19 වයිරසය වැළඳී නොමැති බවට තහවුරු වී ඇති බවත් තවදුරටත් එම පිරිස දින 14ක් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවත් වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා වැඩිදුරටත් කීය.
2025 දෙසැම්බර් මස 16
21
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කහතුඩුව හා පිළියන්දල 65 දෙනාට කොරෝනා නෑ