(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
කසළ ප්‍රශ්නය හේතුවෙන් අද (10) මාතර මහජන පොළ වසා දැමීමට මාතර මහ නගර සභාව පියවරගැනීම හේතුවෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දී ඇති බව වෙළෙන්දෝ සහ පාරිභෝගික ජනතාව පවසති.
විශේෂයෙන්ම දුර බැහැර සිට එළවළු හා පලතුරු විකිණීම සඳහා පැමිණෙන වෙළෙන්දන්ට ආපසු හැරී යාමට සිදු වී ඇතැයි ඔවුහු චෝදනා කරති.
මේ නිසා සති පොළේ වෙළදාම් කර ජීවත් වන වෙළෙන්දන් පීඩාවට පත්ව ඇත.
මහජන පොළ පවත්වා ගෙන යන ගොඩනැගිල්ල මහ නගර සභාව විසින් ඉබි යතුරු දමා වසා දමා තිබූ අයුරුද, මේ හේතුවෙන් වෙළෙන්දන් කිහිපදෙනෙකු එම ගොඩනැගිල්ල ඉදිරිපිට කොටුවේගොඩ පාර අයිනේ තම බඩු තබාගෙන වෙළදාම් කරනුද දක්නට ලැබිණි.
වෙනත් දිනවල පලතුරු හා එළවළු වෙළදාම් කරන ස්ථානවල කසළ පිරී දැඩි දුර්ගන්ධයක් හමා එමින් තිබූ අතර, මේ හේතුවෙන් වෙළඳ ද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණෙන පාරිභෝගික ජනතාවගේ ද විශාල අඩුවක් දැක ගත හැකි විය.
අද(10) සහ ලබන 14වැනිදා මාතර මහජන පොළ වසා දමන බවට මාතර නාගරික කොමසාරිස්වරිය ප්‍රසිද්ධ නිවේදනයක් මගින් ජනතාව දැනුවත් කර තිබුණේය. දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා ද ඇති වී තිබෙන කසළ අර්බුදය හේතුවෙන් මහජන පොළ වසා දමන ලෙසට මාතර මහ නගර සභාව වෙත නියෝග කළේය. ඇති වී තිබෙන කුණු කසල ප්‍රශ්නය විසඳීම සඳහා මාතර වැඩබලන පුරපති චතුර කරුණාරත්න මහතා ඇතුළු මහජන නියෝජිතවරු කටයුතු කරති.
මාතර එක් රැස් වන කුණු කසල ගාල්ල රත්ගම මොන්රෝවියාවත්ත කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයට රැගෙන යාම ඊයේ(09) ආරම්භ කළ අතර අද (10) එම කටයුත්ත සිදු නොවූ බව දකුණු පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතා පැවසීය. ඔහු සඳහන් කලේ වැඩබලන පුරපතිවරයා මෙම ප්‍රශ්නය විසඳීමට ප්‍රශංසනීයකාර්ය භාරයක නිරත වන බවයි.
කෙසේ වෙතත් මාතර කසළ කොටවිල කසළ අංගනය වෙත බැහැර කිරීම වළක්වාලමින් මාතර අධිකරණය මාස තුනක කාලයකට තහනම් නියෝගයක් නිකුත් කිරීමත් සමග මෙම තත්වය ඇති විය.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘කසළ’ මාතර පොළ වහයි