IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


කසළ තේ කිලෝ 18,000ක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
මාවනැල්ල රඹුක්කන මාර්ගයේදී  කසළ තේ තොගයක් ලොරි තුනකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අද(04) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකයා කියයි.
 
කසළ තේ කිලෝ  18,725ක් එම ලොරි රථ තුනෙහි තිබී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබිණි.
 
අත්අඩංගුවට ගත් පුද්ගලයන් වයස අවුරුදු 37, 39 සහ 46 වියේ පසුවන බවත්, ඔවුන් වෙලම්බඩ, ලීමගහකොටුව සහ හත්දෙස්ස යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් පොලිසිය කියයි.
 
විදේශ රටකට අපනයනය කිරීම සඳහා ලොරි තුනකින් කසළ තේ තොගය පෑලියගොඩට ප්‍රවාහනය කරන බවට පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට ලද තොරතුරකට අනුව මෙම වැටලීම කර තිබේ.

 



අදහස් (2)

කසළ තේ කිලෝ 18,000ක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

ලංකාපුත්‍ර Sunday, 04 August 2019 11:26 AM

ලංකාවේ විශාල ජනතාවක් කුඩා ඉඩම්වල සුළුවෙන් ‌තේ වගාවක් කරගෙන දරුපවුල් රැකගැනීම කරනවා.‌ මේ අයට 2015 ට ‌පෙර අමු දළු කිලෝ එකකට ලැබුනේ රුපියල් තිහත්, හතලිහත් අතර මුදලක්.. ඉන් එදිනෙදා කාලා බීලා ‌නොව ‌ලෙවකාලා ජීවත් වූ පිරිසට තරමක් සහනයක්.. පසුගිය කාලේ සමහර ප්‍රදේශයක දළු කිලෝ එකකට රුපියල් සියයක් පමණ මුදලක් ලැබුණු අතර සමහර පළාතක රුපියල් අනූවත් ඉක්ම ගියේ නැහැ. දැනට මාස ගණනක සිටම මිල බැසීම නිසා සුළු ‌තේ ඉඩම් හිමියන් සිටින්නේ ඉතාම අසීරුවෙන්.. දැනටම ඔවුන්ට සහනාධාරයක් අවශ්‍ය තත්වයක් පවතිනවා. එහෙම තියෙද්දී ‌මෙවැනි‌ දේ සිදුකිරීමෙන් ලංකා තේ නම මැකීයාමට ඉඩකඩ ඇතිවෙනවාට අමතරව සුළු තේ ඉඩම් හිමි පවුල් ලක්ෂ ගණනකට ජීවත්වීමේ මාර්ගයක් නැතිවෙනවා.‌ මෙම ‌හොරුන්ට දැඩිම දඬුුුුවම් පැමිණවිය යුතුයි.

:       0       107

Prabha Sunday, 04 August 2019 05:07 PM

ගම්පොළ ගෙලිඔය දවුලගල පැත්තේ ඉන්න සංවිධානාත්මක මුස්ලිම් ජාතික කණ්ඩායමක් මේ පිටිපස්සේ ඉන්නවා. දැන් ඔන්න කියන්න ගනියි... මම ජාතිවාදියෙක් කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30361 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12425 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10900 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 782 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 239 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 887 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site