(ඩයනා උදයංගනී)
රටේ බරපතල ප‍්‍රශ්නයක් වී ඇති කැළි කසල ප්රශ්නය සමඟ ඇතැම් දේශපාලනඥයින් සූදු කෙළින බවත්, බොරු වීරයින්වීමට යන එවැනි අය නිසා රටම විනාශය කරා ඇදී යන බවත්, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
රට පුරා කුණු කඳු 330 ක් ඇතැයි කී අමාත්‍යවරයා මීතොටමුල්ලේ 33 දෙනකු කුණු කන්දකට යට වී මියගිය පසුත් රටේ කාලකන්නි දේශපාලනයට එම ගැටලුවේ ස්වභාවය නොතේරීම ගැටලුවක් බව ද සඳහන් කළේය.
කොළඹ, පුත්තලම ඇතුළු සියළුම ප‍්‍රදේශවල කසළ ප‍්‍රශ්නයට අවුරුදු 80 ක් සඳහා විසඳුමක්දීමට පුත්තලමේ හිරිගල් වලවල්වල විද්‍යාත්මක කසල රඳවනයක් ඉදිකිරීම වැදගත් බව ද ඇමතිවරයා කීවේය.
ඇතැමුන් ගමට වීරයා වී එය නැවැත්වීමට උත්සාහ ගන්නා බව කී පාඨලී චම්පික රණවක මහතා මීතොටමුල්ලේ මිය ගිය අය වෙනුවෙන්වත් එම විද්‍යාත්මක විසඳුමට ඉඩදෙන්නැයි ඔවුන්ගෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.
එම විසඳුම කඩාකප්පල් කළහොත් එය තමනුත්, තමන්ගේ රටත් විනාශ කිරීමක් බව ද ඇමතිවරයා ප‍්‍රකාශ කළේය.
කසළ කළමනාකරණය පිළිබඳ ගැටලුව විසඳීම අනිවාර්යයෙන් කළ යුත්තක් බව කී ඇමතිවරයා රටේ ජනතාවගේ සෞඛ්‍ය ප‍්‍රශ්නය, රටේ අනාගතය, නාගරික සංවර්ධනය රැදී තිබෙන්නේ ඒ මත බව ද කීවේය.
COMMENTS
Reply To:
-
පුත්තලමේ හුණු වළවල් කසළවලින් පුරවන එකද මෙයාගේ මහා ලොකු විද්‍යාත්මක විසඳුම. ඕක කලිනුත් ආවා යෝජනාවක් පරිසර ප්‍රශ්න මත ජනතා විරෝධය නිසා නැවතුන වැඩ පිලිවෙලක්....
මේය ක්‍රමය තමයි ලෝකයේ හුඟක් දියුණු රටවල්වල කසල ප්‍රශ්නයට යොදවන්නේ. පරණ ගල් අඟුරු පතල් වැසීමට මෙය යොදවනවා. දිග කාලයකට පසුව මෙය ඉඩම් නිවාස හැදීමට සුදුසුයි.
ඉතාමත් හොද කතාවක්
මෙයත් "හඩ මිස වැඩ නැත" ගහපු පදේකුත් නෑ බෙරේ පලුවකුත් නෑ කිව්වලු. වෙලාවකට බෙරේ වරපටි තද කරනවා. තව වෙලාවක හැම රත් කරනවා. අපි බලන් හිටියා හොද පදයක් ගහයි කියලා. මොන පදද.
දැන් රට පාලනය කරන ඇත්තෝ නිකන් ඉස්සර කාන්තාවෝ වගේ.... හැම තැනම ප්‍රශ්න කියකියා යනවා. දැන් කාන්තාවෝවත් එහෙම නෑ ඔවුනුත් හරි හරියට පිරිමින් සමග ගැටෙමින් රැකියා කරනවා.
මදැයි අවුරුදු 4 ක් වෙන්න අවා, එකිනෙකාට දොස් පැවරීම මිසක් කරපු දෙයක් තිබුනද?
චම්පික හුඟක් වැඩ කරන කෙනෙක්. ඔයාලට පුලවන් මිනිස්සුන්ට අපහාස කරන්න විතරයි.
ප්‍රශ්ණ ඇති කරන්නෙත් ඔයගොල්ලන්ගේ යාළුවන්නේ. බැරිද කථා කරගෙන විසඳුමකට එන්න?
එතකොට මීට ටික කාලෙකට ඉස්සෙල්ලා දකුණු කොරියාවේ සමාගමක් කුණු ප්‍රශ්නෙට ස්ථිර විසඳුමක් දෙන්න සූදානම් වුන වෙලාවේ එකට අකමැති වුනේ කවුද ? අකමැති වුනේ ඇයි ? හිතන්න එපා අපි මෝඩයෝ කියලා. ඔයගොල්ලෝ ඔක්කොම මිනිස්සු ඉස්සරහට ගිහිල්ල දත්මිටි කාගෙන දඩ දඩ ගාලා අත්දෙකෙන් පපුවට ගහගෙන ලොකු ටෝක් දැම්මට අපි නම් රැවටෙන්නේ නැහැ.