IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කැස්බෑවේ රේස් පැද්ද තරුණයින්ට දඩ

(ඉන්දිකා රාමනායක)

පිළියන්දල  ජාලියගොඩ  කැස්බෑව විකල්ප මාර්ගයේ අනතුරුදායක හා අපරික්ෂාකාරී ලෙස   යතුරු පැදි පැදවලින් රේස්  පැදීම යන චෝදනා වලට කැස්බෑව අධිකරණයේ හමුවේ වරද පිළිගත්  යතුරුපැදිකරුවන් 32 නෙක්ට කැස්බෑව අතිරේක මහේස්ත‍්‍රාත් රුවින්දිකා  මාරසිංහ මහත්මිය අද (26)  7, 37,000 ක දඩයක් නියම කළාය.

මෙම තරුණයින් පිරිස යතුරු පැදි 14 කි නැගී ඉකුත් 10 වැනි දින රාති‍්‍රයේ  මහජනයා පීඩාවට පත්කරමින් අනතුරුදායක ලෙස රේස් පදිමින් සිටියදී පිළියන්දල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සාරානාත් සමරකෝන් මහතා ප‍්‍රමුඛ පොලිස් කණ්ඩායමක් එම ස්ථානායට ගොස් ඔවුන් සියලූ දෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පසුදින කැස්බෑව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර එක් දිනයක් දක්වා රිමාන්ඞ් බාරයට පත්කර තිබුණි.

අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් 32 ට පොලිසිය වෙන් වෙන් වශයෙන් චෝදනා ගොනුකොට තිබු අතර  එම චෝදනා වලට සැකකරුවන් සියලූ දෙනා අධිකරණයට  හමුවේ වරද පිළිගත්හ.

ඉහත චෝදනා වලට  අධිකරණය හමුවේ වරද පිළිගත්  චුදිතයන්ට    මහේස්ත‍්‍රාත්වරිය  වෙන් වෙන් වශයෙන් මෙම දඩ මුදල නියම කළේය.

චුදිතයන් 15 දෙනකුට,  රුපියල් 24,500 බැගින් ද,  13 දෙනකුට 21,500 බැගින්ද,  සිව් දෙනකුට රුපියල් 22,500 බැගින් ද  වශයෙන් මෙම දඩමුදල් නියම  කර තිබුණි.

රියදුරු බලපත‍්‍ර නොමැති වීම, යතුරු ලියා පදිංචි නොකිරීම,  යතුරුපැදිවල අංක පැහැදිලි නොවීම, අදායම් බලපත‍්‍ර නොමැති වීම යන කරුණු සැලකිල්ලට  ගෙන මොවුන් වෙන් වෙන් වශයෙන් දඩ මුදල් නියම කර තිබුණි.

චුදිතයන් වෙනුවෙන් කැස්බෑව මහේස්ත‍්‍රාත් අධිකරණයේ කිසිදු නීතිඥවරයකු ඉදිරිපත් වී නොතිඹුණු අතර  ගල්කිස්ස,  මොරටුව, හෝමාග, යන මහේස්ත‍්‍රාත් අධිකරණ වල නීතිඥවරුන්   ඉදිරිපත් වී සිටීම විශේෂ සිද්ධියක් විය. 



අදහස් (9)

කැස්බෑවේ රේස් පැද්ද තරුණයින්ට දඩ

සමාජ ශෝධක Monday, 26 November 2018 12:33 PM

දඩ ගහලා මදි.

:       4       23

නගරන් - පිළියන්දල Monday, 26 November 2018 07:36 PM

ඊළඟ වතාවේ අපි පොලිසියේ මහත්වරුන්ට කෝල් කරන්නේ නැහැ.

:       0       10

lakmal Monday, 26 November 2018 12:34 PM

එක්කෙනෙක්ටවත් සිර දඩුවම් නියම කලානම්, මේ වසංගත රටෙන් තුරන් කල හැකියි.

:       5       28

Bamunuarachchi Monday, 26 November 2018 01:01 PM

අනේ නීතිඥ මහතුනුත් දවසේ වියදමවත් හොයා ගන්න ඕනේ නිසා හෝමාගම සිට කැස්බෑවට යන්න ඇති.

:       0       75

Bamunuarachchi Monday, 26 November 2018 01:03 PM

යතුරු පැදියත් රාජසන්තක කළා නම් තමයි හොඳ...

:       5       216

DhammikaMonday, 26 November 2018 03:29 PM

තරුණයෝ ටිකක් විනෝද වෙනවට තියන ඉරිසියාවක්...

:       103       7

ධනුෂ්කTuesday, 27 November 2018 05:13 AM

මාර විනෝදයක්නේ එ්ක. අධික ශබ්දය නගමින්. මිනිසුන් හිරිහැර කරමින්, භීතියට හා ත්‍රාසයට පත් කිරීමද? මොවුන්ගේ විනෝදය. විනෝද වෙන්නනම් ඊට අදාල වෙන් කරපු තැන් වලට යන්න එපැයි. අඩුගානේ රේස් එකක් පැදලා ලංකාවට පදක්කමක් අරන් දෙන්න එපැයි. ඔවුන් තමා සැබෑ වීරයෝ සහ දක්ෂයෝ. අපි දැක්කා මේ ළඟදී එක්කෙනෙක් ඔහෝම විනෝද වෙන්න ගිහින් ලයිට් කනුවක් අතරින් ගිහින් ගෙදර මිනිස්සුන්ට ලොකු විනෝදයක් දීලා තිබ්බා. ඔහුගේ මළ ගෙදරටත් මේ කට්ටිය තනි රෝදෙන් විනෝද වෙන්න ගිහින් ගමේ මිනිස්සු ඔවුන්ට ලොකු විනෝදයක් දුන්නා.

:       0       0

BamunuarachchiTuesday, 27 November 2018 08:59 AM

මෙයත් තනිරෝදෙන් ගිහින් විනෝද වෙන කෙනෙක් වගේ මළගෙදර අපිටත් කියන්නකෝ තෑගිත් අරගෙන එන්නම්.

:       0       0

tommy Monday, 26 November 2018 03:58 PM

ධම්මික, තරුණයෝ විනෝද වුනාට කමක් නැහැ, පාර භාවිතා කරන අනිකුත් අයට හිරිහැරයක් හෝ අනතුරක් නොවන විදියට.

:       5       32

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 81 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site