IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


කැස්බෑවකු මස් කළ මව-දියණිය අත්අඩංගුවට

(ජුඩ් සමන්ත,එච් චන්දන)

බටු කැස්බෑවෙකු ඝාතනය කර මස් කරමින් සිටි මවක සහ දියණියක්  හලාවත මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  ලබන 14 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට  හලාවත මහේස්ත්‍රාත් රඛිත පී.අබේසිංහ මහතා  නියෝග කළේය.

ආරච්චිකට්ටුව - නගුල්එළිය ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. අත්අඩංගුවට ගත්  මවට අවුරුදු 41 සහ දියණිය අවුරුදු  20 කි. 

වන ජීවී සහ නාවුක හමුදා නිලධාරීන් එක්ව ඊයේ  ( 12)  කළ මුර සංචාරයකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර  ඇති අතර ඒ වන විටත්  සැකකාරියන් දෙදෙනා ඝාතනය කරන ලද කැස්බෑවා මස් කරමින් සිටි බව  වනජීවී නිලධාරීහු සඳහන් කළහ.

සැකකාරියන් සතුව තිබී කැස්බෑ මස් තොගයක්, ඝාතනය කරන ලද කැස්බෑවාගේ ශරීරයේ කොටස්,මේරූ කැස්බෑ බිත්තර 111 ක් සහ කැස්බෑවා මස් කිරීම සදහා යොදා ගත් උපකරණ කීපයක්ද වැටලීම කළ නිලධාරීන් විසින් තම බාරයට ගෙන ඇත.

වන ජීවී දෙපාර්තමේන්තුවේ ආනවිළුන්දාව අඩවි වන කාර්යාලයේ නිලධාරීන් සහ පුත්තලම - තම්බපණ්නී නාවික හමුදා කදවුරේ නාවුක හමුදා නිලධාරීන්  මොවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.



අදහස් (11)

කැස්බෑවකු මස් කළ මව-දියණිය අත්අඩංගුවට

මංජුල බ්රැට් Sunday, 13 January 2019 06:47 AM

කැස්බෑවා අහිංසකයි. මිනිස්සු අසරණයි. නීතිය අකුරටම ඉටුවෙන්නෙ සමාන්‍ය ජනයාට විතරයි. අවුරුදු 20ක තරුණිය ගැන මීට වඩා හිතන්න තිබුණා..

:       135       51

තාරා Sunday, 13 January 2019 12:02 PM

වයස අවුරුදු 20ක් යනු බාල වයස්කාරියක් නොවේ. නීතිය සැමට සාධාරණ නොවන බව ඇත්ත වුණත් යම් ප්‍රමාණයකට හෝ ක්‍රියාත්මක නොවේ නම් සියලු වැරදිකරුවන් නිදහස් කරන්න සිදු නොවේවිද?

:       38       175

sandy123 Sunday, 13 January 2019 07:12 AM

තකට තක...

:       2       3

lakmal Sunday, 13 January 2019 09:25 AM

අනේ මන්දා මේවට මොනවා ලියන්නද කියලා? සීගිරියේ කුරුටු ගී මකපු කෙනා එලියේ... මේ දරුවා ඇතුලේ...

:       190       242

සචිත්Sunday, 13 January 2019 11:44 AM

පුරාවස්තු වැනසීමේ ආරම්භකයෝ සීගිරියේ කුරුටු ගී ලියපු අය තමයි.

:       92       67

තාරා Sunday, 13 January 2019 12:07 PM

එකිනෙකට නොගැලපෙන අවස්ථා දෙකක් සංසන්දනය කරන්නේ කොහොමද? රක්ෂිත බන්ධනාගාර ගත කරනවා කියන්නේ වරදකරු කියන එක නෙවෙයි.

:       1       41

RaveendraSunday, 13 January 2019 12:30 PM

හා හා හා... කට කට... සන් "හැදියාව" නොහොත් සංහිඳියාව... කෙසේවෙතත් මේ අම්මගේ සහ දුවගේ එම ක්‍රියාව අප අනුමත නොකරන්නෙමු. මේ " ආදරයේ උල්පත වූ අම්මා" විසින් තම දියණිය සමග ඝාතනය කර ඇත්තෙත් කැස්බෑ අම්මෙක් වීමත් පුදුමයකි.

:       0       109

manjuSunday, 13 January 2019 02:12 PM

පුරාවිද්‍යාත්මක වටිනාකම් එන්නෙ අතීතයත් එක්ක. ඒ අනුව කුරුටු ගීත් පුරා විද්‍යාත්මක වටිනාකම් සහිතයි. දැන් ඉන්න අය ලියන කුණුහරප වලින් ඒවාගේ තියෙන පුරාවිද්‍යාත්මක වටිනාකම නැතිවෙනවා. සචිත් නමැත්තාටයි මේ කියන්නේ...

:       0       28

nalaka Sunday, 13 January 2019 12:36 PM

ලංකාවේ නීතිය... බොහෝවිට හොඳින් ගලා බසින්නේ පහත් තැන්වලින්...

:       4       12

lakmal Sunday, 13 January 2019 08:22 PM

මම කිව්වේ අද ලංකාවේ නීතියක් කියා දෙයක් නැත.. කරපු දේ වැරදි නමුත් අවුරුදු 20 ගැහැණු ළමයෙක්... ඒ ළමයාගේ අනාගතය නම් ඉවරයි නේද? මගේ පුතාව මොට සයිකලයකට හැප්පුණා. නමුත් මම පොලිසියට කිව්වා ඒ ළමයාව කූඩුවට දාන්න..

:       0       0

ලක්ෂිකා පරණවිතාන Monday, 14 January 2019 02:54 AM

ඒ වුණාට මොවුන් දෙදෙනාට දැඩි දඬුවම් පැනවිය යුතුයි.

:       15       42

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 238 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 587 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site