(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීරිගම බාදුරාගොඩ ප්‍රදේශයේ කසිප්පුපලකින් කසිප්පු බීමෙන් රෝගාතුරවූවන් අතරින් තවත් දෙදෙනෙකු අද(5 )මියගොස් ඇතැයි පොලිසිය කියයි.
ඊයේ (4) පස්වරුව වන විට මරණ 11 ක් වාර්තාවී තිබූ අතර අද මිය ගිය දෙනොද ඇතුළුව මියගිය ගණන 13 දක්වා ඉහළ ගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ මහින්ද අබේරත්න 40 ගස්පේ හා වල්පිට ලුනුමිදෙල්ලවත්තේ මුරකරු ලෙස කටයුතු කළ කටාන නැගෙනහිර කලුවාරිප්පුවේ මහමඩ් බැදිගේ ඇලෝසියස් 60 අයවලුන්ය.
ඊයේ (4) සවස්වන විට විස්සක පමණ පිරිසක් රෝහල්ගතව සිටි අතර අද (5) උදෑසන වනවිට තවත් කිහිපදෙනෙකු රාගම ඇතුලු ප්‍රදේශයේ රෝහල් කිහිපයකට ඇතුළත්ව රහසිගතව ප්‍රතිකාර ලබන බවට ද පොලිසියට තොරතුරු ලැබී ඇත.
මෙම පිරිස වමනය, පාචනය, ඇස් දැවිල්ල, ඇස් නොපෙනීම ආදි රෝග ලක්ෂණ ඇතිවීමෙන් පසුව රෝහල් ගත කර ඇත.
මියගිය අයගේ ශරීර අභ්‍යන්ත කොටස් රස පරීකෂක වෙත යැවීමටද පියවර ගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.
COMMENTS
ඔය මියගිය අය අතරින් මම හිතන්නේ සියලු දෙනාම බෞද්ධයෝ. සුරාමේරය ගැන මේ තරම් කියද්දී අයි අපේ බෞද්ධයෝ මේ තරම් මතට ඇබ්බැහි වෙලා තියෙන්නේ. එක ස්වාමීන් වහන්සේ නමක් මේ මත්පැන් වලට විරුද්ධව කතා කරන්නේ නැහැනේ. සත්ව හිංසාව ගැන කියනවා. ඒක හොද දෙයක්. නමුත් ඔය සත්ව හිංසාවට මුල් තැන දෙනවා වගේ මේවත් කතා කරනම් නේද හොද
රතන හාමුදුරුවනේ, මෙතන්ට අවධානය යොමු කළානං හොඳයි. මේ දේවලිනුත් කාන්තාවන් වඳ වෙනවනේ...
හුරේ... දේශීය මෙන් විදේශීය ගිනි වතුර විකුණන බාර් කාරයින්ට ජයවේවා.!!! ගිනිවතුර විකිණීමට පර්මිට් දෙන දේශපාලුවන්ටත් පවුල් පිටින් යහතින් ඉන්න ලැබේවා.!!! ගමේ ගිනිවතුර නිෂ්පාදනය කරන ඒ කසිප්පුකාරයින්ටත් ජයෙන් ජයම වේවා..!!
මත්පැන් මිල අඩු කරන්න. සාමාන්‍ය ජනතාවට මිලට ගන්න පුළුවන් ආකාරයට. මම සාප කරන්නේ කසිප්පු පෙරන මිනිහාට නොවෙයි අර අවමංගලයාට. 1972 රු 20ට තිබුණු ජින් බෝතල අද රු2720. රු 10ට තිබුණු පොල් අරක්කු බෝතලය වෙනුවට එතනෝල් අරක්කු බෝතලය රු 2000කට වැඩියි. ඉතින් මිනිස්සු කසිප්පු බොන එක අහන්න ඕනෙද..?