
(යොහාන් භාසුර)
මෙම අවස්ථාවේදී රට වසා දැමීමක් හෝ සංචරණ සීමා පැනවීමක් නොකරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
රෝගීන් වැඩි වශයෙන් හමුවන ප්‍රදේශ වසා දැමීම මේ වන විටත් සිදුකර ඇති බව කී හමුදාපතිවරයා රෝග ව්‍යාප්තිය අනුව ගත යුතු පියවර ගන්නා බව ද කීවේය.
ඉදිරි දිනවලදී කොවිඩ් ආසාදිතයින් තවත් ඉහළයාමේ අවදානමක් ඇති බැවින් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ආරක්ෂා වන්නැයි ජනතාවට දැනුම් දෙන බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.
සති අන්තයේ නිවෙස්වල සිටින ලෙසත්, සංවිධානය කර ඇති චාරිකාවල නිරතවීමෙන් වළකින ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බව කී හමුදාපතිවරයා කොවිඩ් ආසාදිතයකුවීමෙන් වැළකී සිටින්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද කීවේය.
යුද හමුදාපතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමිනි.
අවුරුදු සමයේ සෞඛ්‍ය නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බව කී යුද හමුදාපතිවරයා පොදු ප්‍රවාහන සේවාවල ද වැඩි වශයෙන් පිරිස් ගමන් කිරීම ආදියත් මෙයට හේතු වූ බව සඳහන් කළේය.
එබැවින් ඉදිරි දිනවලදී ආරක්ෂාකාරීව කටයුතු කරන ලෙස ද හමුදාපතිවරයා ඉල්ලීමක් කළේය.
COMMENTS
අපේ රටේ මනුස්සයෝ වගකීමකින් තොරව හැසිරෙන විදිහට... අනේ මන්දා...!!!
ඔයාලා අපිට කරන දේ හොඳටම ඇති. අමුතුවෙන් රට වහන්න ඕනෙ නෑ සර්.. දැන් සැපයි හොඳටම...
"සංවිධානය කර ඇති චාරිකාවල නිරතවීමෙන් වළකින ලෙසත් " මෙන්න මේක මේ විදිහට වුණොත් තමයි පුදුමේ... හෙට අනිද්දා වෙනකොට නුවර එළිය, අනුරාධපුර, කතරගම වගේ තැන්වල තියෙයි කිලෝමීටර ගණන් වාහන පෝලිම්...
කියන දේ කරන පාලනයක්...! පවසන දේ අසන ජනතාවක්!. ඉතින් කොහේද කොරෝනාවක්!
අනේද කියන්නේ මෙහෙමත් පාලකයෝ ඡන්ද කරගන්න දඟලන දැගලිල්ල මිනිස්සුන්ට පන්දහ දෙන්න වෙයි කියලා... මෙච්චර අවදානම් අරන් ඉන්නවා... සංචරණ සීමාවත් දාන්නේ නැතුව....
කොරෝනාවෙන් හොඳට හම්බකරගත්තා...
ඔබතුමාලා කොරෝනා නැති කාලේ මුළු රටේම ඇඳිරිනීතිය දැම්මා. දැන් හැමතැනම කොරෝනා. ඒත් කියනවා රට වහන්නේ නැහැ කියලා. මොනවද මේ කරන්නේ...?
රට වහගෙන සුද්දන් ටික මේ රටට ගෙන්වා ගන්නේ කොහොමද නේද? අර පිටරටවල විශේෂයෙන් මැදපෙරදිග දුක් විඳින ලාංකිකයින්ව ඒ රටවලම මැරෙන්න අරින්න. එතකොට වැඩේ පහසුයිනේ. දුප්පත් මිනිස්සුන්ට තමයි ඔක්කොම නීති? අපරාදේ ගෞරවාන්විතව ජීවත් වෙන්න තිබුණු ඔබතුමාත් හොර කල්ලියටම එකතු වුණා එහෙනම්...
අපෝ ඔව් .. වහන්න නම් එපා. අවුරුද්දට උපරිම නිදහස දුන්නා වගේ දිගටම දෙන්න. රෝගය නිට්ටාවටම සුවවෙයි.
මහජනතාවට ඵන්න කියලා නුවරඑළියේ සැනකෙලියක් තිබ්බේ කවුද.? කොවිඩ් 19 රටේ නැති විදියටනේ පසුගිය දවස්වවල අාණ්ඩුව වැඩ කරේ.
දැන් කොරෝනා නැති අය නිරෝධායනය කරමු... ඒක ලේසියි...
අවුරුද්දට? ඡන්දෙට? කොරෝනා අඩුවෙන්නේ? ඒවා ඉවර වෙච්චි ගමන් වැඩි වෙන්නේ? කොහොමද? හිතලා බලාපල්ලා. රටේ 99%ක්ම මෝඩයෝ....
තව පැතිරෙනකන් ඉඳලාම වහමු.
දැන්ද ඇහැරුණේ..? මිනිස්සු ජයට අවුරුදු සැමරුවා. දැක්කේ නෑ?
මේක තමයි මුල ඉදල කිව්වේ වසංගත දැනුමක් තියන සෞඛ්‍ය කේෂ්ත්‍රයේ අයට මේකෙ තීරණ ගන්ඩ දෙන්ඩ කියල. හමුදා මානසිකත්වයෙන් වසංගත පාලනය කරන්ඩ බෑ. මේ වෙලාවේ රට සම්පූර්ණ වැසිය යුතුයි අඩුම තරමෙ සති හතරක්වත්. අපි දැක්කනේ අවුරුදු කන්ඩ දගලපු හැටි. ඒ වගේ මෝඩ මිනිස්සු ඉන්න රටක වසංගතයක් පාලනය කරන්ඩ දැඩි නීති දාන්ඩ ඕන.
අවුරුදු වලට කලින් කිවෙත් ඔය කතාවම නේද දැන් ප්‍රතිඵල එනවා
ජනතාව අවුරුදු දවස්වල කොරෝනා ගැන නොසිතා හැසිරුණු එක තමයි වැරැද්ද.එහෙත් මේකට ජනතාව පැත්තට පමණක් ඇඟිල්ල දිගු කිරීම වැරදියි.රජයත් මෙවැනි වෛරයක් තිබියදීත් මහජනයා එක් රැස් කෙරනෙ විදිහට උත්සව සංවිධානය කර,තමන්ගේ පංපෝරිය රටට පෙන්වන්න දඟනවා මාධ්‍ය මගින් නිතර දක්නට ලැබිණි .
හමුදාපතිතුමනි, 2019 පෙනෙන සතුරාගෙන් රට බේරාගත් ඔබතුමාට අපි සැමදා ගෞරව කරමු. එහෙත් නොපෙනෙන සතුරන් සමග ඔබ නොදත් කාරණා බොහෝ ඇත. එබැවින් මඳක් නම්‍යශීලි වී රටම හැකි විගස වසා දමන්න. එවිට සාමාන්‍ය මහජනතාව මරණයෙන් මුදවාගත් පුණ්‍ය කර්මයට ඔබතුමාටද සහභාගි විය හැකියි. ධනය බලය ඇති අයට මෙය ප්‍රශ්නයක් නොවූවද අප වැනි සාමාන්‍ය ජනතාවට මෙය තදින්ම බලපායි. හරි තීන්දු නියම වෙලාවට නොගෙන පසුව පසුතැවිලි නොවන ලෙසට ඔබතුමාට මතක් කරමි... දේශපාලනයට යට නොවී කෙලින් හරි තීන්දුව ගන්න. ඔබ ගැන මුළු රටම බලා සිටියි.