IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


කෘෂිකර්ම ලේකම් තනතුරින් ඉවතට

(සුජිත් හේවාජුලිගේ)

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා එම තනතුරින් ඉවත් කරනු ලැබ ඇත.

මේ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස  ඩී.එම්.එල්.ඩී බණ්ඩාරනායක මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබ සිටී.

මහාචාර්ය උදිත්  කේ  ජයසිංහ මහතා  කාබනික පොහොර සම්බන්ධයෙන් පසුගිය කාලයේදී ආන්දෝලනාත්මක අදහස් ගණනාවක් ඉදිරිපත් කළේය.

මෙයට අමතරව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස අනුෂ පැල්පිට මහතා පත් කරනු ලැබ ඇතැයි  ජනාධිපති කාර්යාලය පවසයි.

අනුෂ පැල්පිට මහතාගේ එම පත්වීම  බල පැවැත්වෙන්නේ ජනවාරි මස 1 වැනිදා සිටය.

පැල්පිට මහතා ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස මෙයට පෙර කටයුතු කළේය.



අදහස් (11)

කෘෂිකර්ම ලේකම් තනතුරින් ඉවතට

Sunil Wednesday, 22 December 2021 05:03 PM

සිතට එකඟව වැඩ කල උදිත් ජයසිංහ මහතාට මාගේ ප්‍රණාමය

:       0       0

chandima Wednesday, 22 December 2021 05:32 PM

හමුදාවේ ජෙනරාල් කෙනෙක් ලඟදි පැන්ෂන් ගන්නවත් ඉන්නවද?

:       0       0

Nuwan Wednesday, 22 December 2021 05:45 PM

කට ඇරියොත් ගෙදර පුතා.දැන්වත් කොන්ද කෙලින් තියන් වැඩ කරන්න

:       0       0

ravin Wednesday, 22 December 2021 05:49 PM

හිසරදයට ආයෙත් කෝට්ටේ මාරු කලාද?ඔය කීවෙනි ලේකම්ද?

:       0       0

fairoos Wednesday, 22 December 2021 05:55 PM

හයියෝ නන්දසේන ඔයාව ඉවත් කරන දින වැඩි ඈතක නැහැ

:       0       0

පැරකුම් Wednesday, 22 December 2021 06:06 PM

කොයිතරම් උගතෙක් උනත් ඕන දේ ඕන වෙලාවට කරන්න බැරිනම් ඒ උගත්කමින් වැඩක් නැති බව පේනව නේද.

:       0       0

සඳුන් Wednesday, 22 December 2021 06:12 PM

එන්ජින් එකේ ලෙඩේට කෝච්චි පෙට්ටි මාරු කරනවා වගේ ....

:       0       0

nanda Wednesday, 22 December 2021 07:16 PM

ඕනෙම ගොන්කතාවක් පිළිගන්න කෙනෙක් හොයාගෙන තමයි මේ තනතුරට දාන්න වෙන්නේ... මෙම විෂයයේ උගත්තු ගැලපෙන්නේ නෑ වගේ... රටට ගිය කලක්...!

:       0       1

69 sri 2019 Wednesday, 22 December 2021 07:49 PM

බුදු හිමියන් මංගල සූත්‍රයේ වදාරා තියෙනවා බාලයන් ඇසුරු නොකරන්න කියලා.. ජේෂ්ඨ මහාචාර්යතුමෙකු වුණත් එම බුදුවදන අසා නැතුවද? නැත්නම් එය නොසලකා ලේකම් තනතුර ගත්තාදැයි සිතාගත නොහැකිය.. කවුරු ආවත් බැරිවේවි.. බළමු බණ්ඩාරනායක මහතා කොපමණ කාලයක් සිටීද කියලා..?

:       0       1

චන්දිම ෆොන්සේකා Thursday, 23 December 2021 07:13 AM

හරි අපරාධයක් මේ ගොන්නුන්ගේ ආණ්ඩුවේ වැඩවලට අතගහන්න ගිහින් මේ වගේ වැඩක් හරි විදියට කරන්න දන්නා උගතුන්ට නිකම් අපරාදේ හෑල්ලු වෙන්න සිද්ධ වෙන එක. මම නම් කීයටවත් හිතන්නේ නැහැ මේ ගහෙන් ගෙඩි එන්න වගේ කරන්න ගත්තු ගොම පිදුරු කාබනික කෘෂිකර්මේ හරියන කෙහෙල් මලක් කියල.

:       1       1

Bamunuarachchi Thursday, 23 December 2021 06:28 PM

හලෝ සිංහල කියමනක් තිබෙනවා අඟේ ඉඳන් කන කනවා කියලා. ඔහේ කරලා තිබෙන්නේ එහෙම වැඩක්. තනතුරකට පත්උනාට වැඩක් නැහැ එහි වගකීම දරන්න බැරිනම්. ඔහොම බේරිලා ගෙදරගියා ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1370 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1268 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 463 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site