(ඩයනා උදයංගනී)
කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවූ කොවිඞ් මර්දන ආයුර්වේද ඖෂධ පැණියට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය හිමිව ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
සූත්‍ර කමිටුව අනුමත කිරීමෙන් පසු එය ආචාරධර්ම කමිටුව විසින් අනුමත කළ යුතුයැයි කී අමාත්‍යවරයා මෙහි පරීක්‍ෂණ විස්තර හෙට එම කමිටුවට ඉදිරිපත් කරන බවත් එහි අනුමැතිය ලැබුණොත් ඖෂධය විද්‍යාත්මක පරීක්‍ෂණයකට යොමු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
බටහිර වෛද්‍ය විද්‍යාව සඳහා මෙය භාවිතා කිරීමට නම් එය භාවිතයෙන් රෝගය නිශ්චිතව සුව වෙන බවට සාක්ෂි මත පදනම්ව තහවුරු කළ යුතු බව කී ඇමති රමේෂ් පතිරණ මහතා ඒ සඳහා ද රජය සූදානම් වන බව කීවේය.
ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ද මෙම ඖෂධය සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් කරගෙන යන බව කී රමේෂ් පතිරණ මහතා එම පරීක්ෂණයෙන් පසුව බටහිර වෛද්‍ය විද්‍යානූකූලව රෝගය නිශ්චිතව සුව කිරීමට එය සමත් ද යන්න නිශ්චිතව හෙළි කළ හැකි බව ද සඳහන් කළේය.
එතෙක් ඒ සම්බන්ධයෙන් බලා සිටීමට සිදුවන බව කී ඇමතිවරයා දේශීය වෛද්‍ය විද්‍යාත්මකව එය ආහාර අතිරේකයක් ලෙස ප්‍රකාශ කර ඇති නිසා කැමති අය ලබාගැනීම වැළැක්වීමට අවශ්‍ය නැතැයි ද කීවේය.
COMMENTS
යාන්තම් ඇති දැන් ඉතින් ලොක්කන්ට විතරක් එන්නත් ගෙනැල්ලා අනිත් ටික පැණියෙන් ශේප් වෙන්න පුළුවන්.
අන්න හරි... දැන් ජනතාවටම පරීක්ෂණේ කරගන්න පුළුවන්... හැබැයි ඉතින් කොවිඩ් කියන්නේ සියයට 99ක් ඉඛෙම හොදවෙන එකක්. ඒක නිසා මොකෙන් හොද වුණාද කියලා දැනගන්න එක තමයි අමාරු.... ඒත් ලෙඩෙ හැදුණේ නැතිව පැණිය බීපු අයට හැදුණොත්, ඒ කියන්නේ පැණීය අසාර්ථකයි. ඉක්මණටම පැණියේ සාර්ථක භාවය බලන්න නම් පොසිටිව් වුණේ නැති ආශ්‍රිතයන්ට දීලා බලන්න ඔනේ....
නියමයි.. නියමයි .... දේශීය වෛද්‍ය විද්‍යාත්මකව එය ආහාර අතිරේකයක් ලෙස ප්‍රකාශ කර ඇති නිසා දැන් අපිට තිස්සමහාරාමයේ මී කිරි එක්ක කෑගල්ලේ කොවිඩ් පැණී කන්න පුළුවන්.
අපේ දේශීය වෙදකම්වල රහස් නැති නිසා මෙ පැණිය හදාගන්න හැටි රටටම ප්‍රකාශ කළා නම් කවුරු ඛෙහෙත් හදාගෙන එක සතියෙන් මුලු රටින්ම කොරෝනා තුරන් කරන්න පුළුවන්. මුලු ලෝකයෙන්ම අපිට ඉල්ලුම් ලැබී ධම්මික මහතාට සෞඛ්‍යය සදහා නොඛෙල් තෑග්ගත් ලැඛෙන්න පුළුවන්.
නිසි ක්‍රමවේදයක් යටතේ කටයුතු කොට බෙහෙතෙන් කෝවිඩ් සුවවේ නම්, අපටත් එය භාවිතා කිරීමට සිදුවනු ඇත. අපගේ තර්කය වූයේ, කිසිඳු පර්යේෂණ පදනමකින් තොරව එය ජනතාවට බේදාදීමත්, දේශපාලකයන් හා ඇතැම් විද්‍යුත් නාලිකා මේ සම්බන්ධව අපරික්ෂාකාරී වැඩපිළිවෙළක් ගෙනයාමත් ගැනයි...
පැණිය හරි නම් අපේ විදේශ ශ්‍රමිකයෝ හෝටල් වල සහ නිරෝධායන මධ්‍යස්ථාන වල සිටින සියලු දෙනාටම මෙ පැණිය දින 04ක් උදේ, හවස දීලා 6වැනි දින පීසීආර් එක කරලා ඒක හරි නම් 7වැනි දින ගෙදර යවමු...
දොස්තර කෙනෙක් වුණත්, ඇමැති කෙනෙක් වුණාම මොලේ අවුල් වෙනවා.
ඔන්න බලන්න දේශීය නිෂ්පාදනයක් ලොව ජයගන්න හැටි. හෙට අනිද්දා වෙනකොට බටහිර රටවල් පෝලිම් ගැහිලා එන්නේ ධම්මික රජා කොරෝනා පැණිය ඒ රටවල්වල අයට දෙන්න. ජයවේවා..!!!
නාවල අන්නාසි, කෝට්ටේ දොඩම් රස රසය කෑමටා... කෝවිඩ් නසන්නට කෑගල්ලේ ධම්මික පැණිය බීමටා...
තමන් වෙදෙක් නොවන බව හා වෙදකම නොදන්නා බව තමන්ම පිළිගන්නා කෙනෙකුගේ පැණියට ආයුර්වේද අංශ සූත්‍ර කමිටුව අනුමැතිය දී ඇත. ඒත්, එය බටහිර වෛද්‍ය පර්යේෂණ ක්‍රම අනුවද, පිළිගැනීමකට ලක්වන තුරු මෙසේ විශාල ප්‍රසිද්ධියක් දෙන්නේ මන්දැයි සැක මතුවේ.
නොබෙල් තෑග්ග දෙන්න ඕනේ කාලි මෑණියන්ටයි..