(සුජිත් හේවාජුලිගේ)
තුන්වැනි කොවිඩ් රැල්ලේදී ගර්භණි මවුවරුන් 20 දෙනෙකු කොවිඩ් ආසාදනයවීමෙන් මේදක්වා මියගොස් ඇතැයි කොළඹ කාසල් වීදිය කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා ලංකාදීපයට පැවැසීය.
මෙම ගර්භණී මවුවරුන් විසි දෙනාගෙන් බහුතරයක් එන්නත් මාත්‍රා දෙකෙන් එකක් හෝ ලබා නොගත් අය බවද හෙතෙම සඳහන් කළේය.
රටේ ගර්භණී මවුවරුන් තුන් ලක්ෂ තිස් දහසක් පමණ සිටින බවත් මින් වැඩි පිරිසක් කොවිඩ් මර්දන එන්නත ලබා ගෙන නැති බවත් ලැනරෝල් මහතා කීවේය.
පවතින වසංගත තත්වය යටතේ ගර්භණී මවුවරුන් 20ක් පමණ මාසයකදී මියයෑමට ඉඩ ඇති බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය නිසා ගර්භණී මවුවරුන්ට කොවිඩ් වැළඳීම වේගවත්වී ඇතැයිද ප්‍රකාශ කළේය.
සයිනොපාම්,මොඩර්නා සහ ෆයිසර් එන්නත් ගර්භණි මවුවරුන්ට සුදුසු බවට සෞඛ්‍ය විශේෂඥයන් නිර්දේශ කර ඇති බවත් කොවිඩ් එන්නත් ලබාගැනීමෙන් දරු ගැබට හානියක් වන බවට මෙතෙක් කිසිදු වෛද්‍ය පරීක්ෂණයකින් සනාථ වී නොමැති බවත් සනත් ලැනරෝල් මහතා ප්‍රකාශ කළේය.
ඕනෑම අවධියක පසුවන ගර්භණී මවකට කොවිඩ් එන්නත ලබාදීම සුදුසු බවට ජාතක එන්නත් කමිටුවද නිර්දේශ කර ඇති බවත් හෙතෙම පැවසුවේය.
මේ අතර රටේ ගර්භණී මවුවරුන් 90 දෙනෙකු පමණ නොවැළැක්විය හේතු මත වසරකදී මිය යන බව විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් කීවේය.
2025 දෙසැම්බර් මස 18
634
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1103
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොවිඩ් තුන්වෙනි රැල්ලේදී ගැබිනි මවුවරුන් 20ක් මිය ගිහින්