(නිමල කොඩිතුවක්කු)
කොිඩ් අරමුදල පිළිබද කිසිදු විනිවිද භාවයක් නොමැතිවීම හේතුවෙන් එයට මුදල් ලබාදීම සම්බන්ධයෙන් ජනතාවට තවදුරටත් හිතන්නට සිදුව ඇතැයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොළඹ දී අද (23) පැවසීය.
එහි කොපමණ මුදලක් තිබේද, වියදම් කළේ කුමකටද යන්න සම්බන්ධයෙන් අඩුම තරමින් පාර්ලිමේන්තුවට හෝ වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බවයි අත්තනායක මහතා සඳහන් කළේය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
කෝවිඩ් අරමුදල යොදාගනිමින් සෞඛ්‍ය පහසුකම් නොමැති ජනතාවට සහන සැලසීමට කටයුතු කරන්නැයි විපක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මොනවද මේ කතා...? වැටුප් පරිත්‍යාග කිරීමේ තීරණය ගැන ලෝභ හිතුණා වත්ද?
නරකද ස්ට්‍රයික් එකක් කරලා බැලුවොත්..? අනේ පච කියලා මිනිස්සු අවුස්සන්නේ නැතිව ඉන්න දැන්වත්... හිරේ ගිහිල්ලත් ලැජ්ජාවක් නැහැ...
මෙන්න අමු අමුවේ තමන්ගේ නායකයා පාවා දුන්නු ගිරවා එළි බැහැලා. ඔය අරමුදල ගැන හොයන්න ඉස්සෙල්ලා අර මොකක්ද ගිවිසුමක් තියෙනවා කියල පෙන්නලා රජ්ජුරුවන්ගේ ඔඩොක්කුවට පැනලා මාසෙකට ඇමතිකමක් ගත්තේ... අන්න ඒ ගිවිසුම හැදුවේ කවුද කියලා කියනවද? අනේ තරහා නැතිව කියනවද ආයිමත් සැරයක් අර ඔඩොක්කුවට පනින්නේ කවද්ද කියලා...
මොනවද ඉතින් කළින් අරමුදල්වලට වෙච්චි දේවල් දන්න අය තමයි මේ අරමුදල ගැනත් සැක කරන්නේ...
හෙල්පින්ග් හම්බන්තොට, සිරිලිය වගේ පවුලේ ගිණුමකට යන්න ඇති. බැ.රා. ගේ ගිණුමකට බැර වෙනවද කවුද දන්නේ?
මේ වගේ අයට මොනවා කළොත්ද මනුස්සයින් වෙන්නේ..?
"....සුනාමි ආධාර වලට කරපු දේම තමයි කොරෝනා ආධාර වලටත් කලේ හාන්දුරුවනේ.
පහුගිය දවස්වල පාර්ලිමේන්තුවේ විස්තර ඉදිරිපත් කළා නේද? එ්වෙලේ නිදාගෙන හිටියාද? මම දැක්කා පත්තරේ පිටුවක් පුරා වියදම් කරපු විදිය දාලා තිබුණා... ඇත්තටම මෙයා බයවෙලා පඩිය දෙන්න වෙයි කියලා...
මේ ඉන්නේ විපක්ෂය නියෝජනය කරන ඇමති කෙනෙක්... අනිත් ඇමැතිගොල්ලන් වගේ රටට අාවේණික පැතිමාරුව ඔහු කළාතමයි. නමුත් ඔහු නිවැරැදිව දැක්කා රනිල් අසාර්ථක නායකයෙක් කියලා. ඒකනේ රනිල් පැරදුනේ. ඒත් අවස්ථාවාදී ලෙස රනිල් වැනි කෙනෙක් කැබිනට් එකට ගත්තේ ඩීල් දේශපාලනය නිසයි. විනිවිදභාවය රජයක මෙන්ම ඕනෑම ශීලාචාර ආයතනයක හා සමාජයක වගකීමක්. මේවා නොදන්න අප්‍රිකානු ගෝත්‍රික සමාජ නම් තියනවා. අපිත් ඒ ළඟටම ඉන්නවලු. මෙවැනි මාතෘකාවලදි රිදෙන්නේ මංකොල්ලකාරයින්ට... මොකද තොප්පිය තමන්ට ගැලපෙන බව ගෝලබාලයින් තරම් අපි දන්නේ නැහැනේ...
වහල්ලුන්ට මේවා තේරෙන්නේ නැහැ. නැතිනම් අහයි මහබැංකු කොල්ලයට මොකද වුණේ? පාස්කු ප්‍රහාරයට මොකද වුණේ කියලා...
දැන් ඔයා හිතන් ඉන්නේ කාගේ සල්ලි වලින් මෙම එන්නත ගේනවා කියලද.?
සුනාමි අරමුදලට වුන දේම තමා ඕකටත් වුනේ.
එන්නත් , ඔක්සිජන් , රෝහල් පිරෙන්න ලෙඩ්ඩු, ආධාර....... මේවාට මුදල් වැය වෙන්නෙ නැද්ද ? මේ හාදයා කොනක් අල්ලගන්න හදනවා ඡන්දෙ ගන්න
අනෙක් රටවල අරදේ කළා, මේ දේ කළා නොකියා හරි හැටි නිවැරැදි ලෙස වෘත්තීය රජයේ විගණනවේදියාගේ ගණනයන් ඉදිරිපත් කල යුතුයි. ඇන්ටිජන් පරීක්ෂණයට ඇති ඒකාධිකාරය දකිනවිටත් එහිදි තබාගෙන ඇති අධික ලාභය බලනවිටත් වෙළඳ දැන්වීම් සඳහා ගොස් ඇති වියදම බැලූවිටත් මෙයින් කට්ටියක් ව්‍යාපාර කරන්නේද ජනතාවට සාධාරණ සැකයක් ඇතිවිය හැකියි. මෙවැනි ප්‍රශ්ණ ලෝකයේ කල්ලතෝනි රජයන්ට නම් ගාණක් නෑ. ඒත් අපේ රට එහෙම නැහැ කියලයි හිතෙන්නේ...
ඔබ කොපමණ මුදලක් දුන්නද? සතයක්වත් දුන්නේ නැතිනම් මොන බම්බුවකටද කොහෙවත් තිබෙන ගිණුමක් ගැන අහන්නේ? ...
නූගත් අනුගාමිකයො සමහරක් හිතෙන්නෙ තමන් තරම්ම මෝඩයො ලංකාවෙ හැමතැනම ඉන්නෙ කියලා. රටේ සල්ලි මංකොල්ල කාපුවාම කොහෙවත් යන රටේ අය වද වෙන්නෙ මොකටද ආ? කැලෑ කපද්දි කෑ ගහන්නෙ මොකටද? ඔයාගෙ කැලෑවක්ද? ඔක්සිජන් මොකටද? කට්ටියම රැවටිලා කියමින් සතුටින් සිටින මේ අයගෙ නූගත්කම වෙන කාටත් වඩා ඒ අයම දන්නවා.
හොරකම් කරලා නැතිනම් කිව්වාම කලබල වෙන්න අවශ්‍ය නැහැ. විවිධ ගිණුම් ගැන ප්‍රශ්න අහන එක මහජන නියෝජිතයන් වන මේ පුද්ගලයන්ගේ වගකීමක්... අපේ බදුමුදල් වලින් වැටුප් සහ විවිධ දීමනා ගෙවලා මොවුන් පාර්ලිමේන්තු යවන්නේ බකන් නිලාගෙන උඩබලන් ඉන්න නොවේ.