(ටී.කේ.ජී.කපිල )
කුවේට් පොලිස් රැඳවුම් මධ්‍යස්ථානයේ රදවා තබා ගෙන සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 30 දෙනෙකු අද (21) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබිණි .
මෙම කාන්තාවන් අතරින් වැඩි පිරිසක් කුවේටයේ නේවාසිකාගාර තම මුදලින් මිලදී ගෙන, ඒවායේ නැවතී සිටිමින් එරට විවිධ ආයතනවල රැකියා කරමින් සිටි අය වෙති.
ඔවුන් එසේ කටයුතු කරමින් සිටියදී එරට රැකියා ඒජන්සිකරුවන් සංවිධානාත්මකව, එම නේවාසිකාගාර වෙත කඩා වැදී තමන් කුවේට් පොලීසියෙන් බව හඟවමින් මෙම කාන්තාවන් එතෙක් උපයා ගෙන තිබූ මිල මුදල්, රත්තරන් බඩු , වෙනත් විදුලි උපකරණ ඇතුළු ඔවුන් සතු වටිනා දෑ සියල්ල සමඟ ඔවුන් පැහැරගෙන ගොස් තිබේ .
ඉන්පසුව මෙම කාන්තාවන්ට දැඩි ලෙස පහර දෙමින් වෙනත් ස්ථානයක දින ගණනාවක් රදවා ගෙන සිට පසුව කුවේට් පොලීසියේ අත්අඩංගුවට පත්වන ආකාරයට මෙම ගෘහ සේවිකාවන් මහ මග දමා ගොස් තිබේ .
පසුව කුවේට් පොලීසිය ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ වෙමින් මෙම ගැටලුව විසදීමට ප්රයත්න දරා ඇති අතර ඒවා අසාර්ථක වීමෙන් පසුව මෙම ගෘහ සේවිකාවන් පිරිස මෙසේ ශ්‍රී ලංකාව වෙත එවා තිබේ.
2025 දෙසැම්බර් මස 16
46
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
841
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
607
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
කුවේට් සිටි ගෘහ සේවිකාවෝ 30 ක් ලංකාවට එවති
d.upul Sunday, 21 July 2019 05:44 AM
අලුතෙන් කුවේට් යන්න කීදෙනෙක් පෝලිමේ ඉන්නවද දන්නේ නැහැ. පාලකයින්ට ලජ්ජා නැහැ. අපේ ගැහැණුන්ටත් ලජ්ජා නැහැ.
සේන Sunday, 21 July 2019 05:54 AM
රටේ මව්වරුන් නොරටුන්ගේ ඉඳුල් හෝදන්න යන එක නැවත්විය යුතුයි . ඒ වැඩේ දේශපාලකයින්ට කරන්න බෑ. පිරිමින්ට පිරිමි කමක් තියෙනව නම් තම බිරිඳට දරුවන්ට කන්න බොන්න උපයන්න ඕන. තම බිරිඳ , නැත්නම් දරුවන්ගේ අම්මා එක එකාගේ වහලුන් බවට පත් කරන්න එපා !
nandana Sunday, 21 July 2019 12:55 PM
මෙය ඉතාමත් ඛේදජනක පුවතක්. අද ලංකාවේ බොහෝ කාන්තාවන් මැදපෙරදිග ගෘහසේවයට යන්නේ අසාවට නොව, දුප්පත්කමින් වෙන කර කියා ගත දෙයක් නොමැති බැවිනි.