( තිළිණි ද සිල්වා)
ලංකාව ඇතුළු රටවල් 10ක සිට කුවේට් රාජ්‍යයට පැමිණෙන සංචාරකයින් විසින් නව කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු කෙරෙන වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කිරීම අනිවාර්යය බව එරට රජය නිවේදනය කර ඇත.
ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, බංග්ලාදේශය, පිලිපීනය, ඊජීප්තුව, සිරියාව, ලෙබනනය, තුර්කිය, අසර්බයිජාන් සහ ජෝර්ජියාව යන රටවලට බලපැවැත්වෙන පරිදි පනවා ඇති මෙම නියෝගය ලබන 8 වැනිදා සිට ක්‍රියාත්මක වන බව කුවේට් සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කර ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
ඒ අනුව කුවේට් රාජ්‍යය බලා පිටත්ව යාමට අපේක්ෂාවෙන් පසුවන්නන් ඒ ඒ රටවල පිහිටි කුවේට් තානාපති කාර්යාලවල අනුමැතිය ලත් වෛද්‍ය මධ්‍යස්ථානයකින් කොරෝනා ආසාදිතයකු නොවන බවට තහවුරු කෙරෙන වෛද්‍ය සහතිකයක් ලබාගත යුතුව ඇත.
එම සහතිකය නොමැතිව එරටට පැමිණෙන්නන් ගුවන් යානයෙන්ම යළි පිටුවහල් කිරීමට පියවර ගන්නා අතර මෙම නියමය උල්ලංඝනය කරන ගුවන් සමාගම්වටල ද දඩ පැනවීමට පියවර ගන්නා බව කුවේට් සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කර ඇතැයි ද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
කුවේට් රාජ්‍යයෙන් මේ වන විටත් නව කොරෝනා වෛරස ආසාදිතයින් 56 දෙනෙකු හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
2025 නොවැම්බර් මස 21
83
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
176
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1038
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
‘කුවේට් යන සංචාරකයන්ට කොරෝනා නැතැයි වෛද්‍ය සහතිකයක් අනිවාර්යයි’
Akila Wednesday, 04 March 2020 11:02 AM
කොරෝනා තියන, පැතිරෙන ලොකුරටවලට නීති දාන්න බයට අපි වගේ පොඩි රටවල් වලට පාර්ට් දානවා. කොහොමත් අරාබිකාරයන් දකුණු ආසියාවේ අයට අත පල්ලෙන් වැටුණු අය විදිහට තමයි සලකන්නේ...
Rohitha Wednesday, 04 March 2020 01:16 PM
කොරෝනා වලින් අපේ රටේ තවම එකෙක්වත් මැරිලා නැහැ. එ්ත් මේ ගොන් අරාබිකාරයින් අපිට පාර්ට් දානවා. කොරෝනා තියන්නේ, පැතිරෙන්නේ මැරෙන්නේ වෙන කොහේවත්...