(ටී.කේ.ජී.කපිල)
කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සඳහා ගොස් විවිධ ප්‍රශ්න සහ කරදර වලට භාජනය වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 52 දෙදෙනකු අද (28) කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබිණි .
මෙම පිරිස අද (28) උදෑසන 6.35 ට කුවේට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.
මොවුන් අතරින් 6 දෙනෙකු වසර දෙකක සේවා කාලය පසුකර තිබුණ ද, ඉතිරි සියලු දෙනා වසරකටත් වඩා අඩු කාලයක් එරටේ ගෘහ සේවයේ යෙදී සිටි අය වෙති.
මොවුන් සියලු දෙනාම උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල පදිංචි කාන්තාවන් වූ අතර, ඔවුන්ට තම සේවාදායකයන් විසින් වැටුප් නොගෙවීම,පහරදීම, විවිධ හිරිහැර සහ කරදර වලට පත් කිරීම නිසා එම නිවාස වලින් පලා විත්, කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුබද්ධිත රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා සිටි අය වෙති.
මෙම පිරිස අතරින් 8 දෙනෙකු හැර ඉතිරි 44 දෙනාම එරට නිකුත් කළ තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් මෙරටට එවා තිබිණි.
මෙම පිරිස අතර සිටි 35 දෙනෙකු මෙරටට පැමිණීම සඳහා ඔවුන්ගේ වියදමින් ගුවන් ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන තිබිණි.
COMMENTS
අපි කවද්ද මේ නිර්ලජ්ජිත විදේශ විනිමය මාර්ගය නතර කරන්නේ. යුක්තියට නීතියක් නැති සැමට සාධාරණ නීතියක් නැති කාන්තාව වහලියක් ලෙස සලකන කලාපයකට අපි යවන්නේ බොහොම නිරායුද සාපේක්ෂව වැඩි නිදහසක් බුක්තිවින්දින්න පුරුදු උන යටහත් පහත බව ජීවන දර්ශනය කරගත් කාන්තාවන්. ඔවුන් එවන සල්ලි වලින් තමයි අපි වාහන ඇතුළු සියලු සැප ගන්නේ. හැබැයි ඒ අය තමාගේ පවුල් දූදරවො විනාශ කරගන්නවා. ඒ විනාශ උන පවුල්වලට ඒ දරුවන්ට අපි ගරහනවා අපහස කරනවා කොන්කරනවා. මේක මහා ම්ලේච්ච ජාතියක්.
අපේ අම්මලා, අක්කලා, නංගිලා මොන මගුලකට මේවගේ දුක් විඳින්න යනවද? මං නම් කියන්නේ පිරිමි විතරක් යවන්න. එහෙම නැත්නම් පවුල් පිටින්ම යවන්න. අම්මලා පිටරට වහල් සේවයට යන නිසා එයාලගේ ළමයි දහස් ගානකගේ ජීවිත අඳුරුවෙලා තියෙනවා...
ප්‍රසිද්ධ ගායිකා කුවේට් කුමාරිත් ලංකාවට එනවද?
අනේ කුමාරි අක්කත් ඇවිල්ලා . දැන් එයාට ලංකාවේ ස්ටේජ් වල නැගලා සිංදු කියලා ගානක් හොයා ගන්ඩ පුළුවන් .
කරුණාකර මේ මිනිස්සු ගැන හොයල බලල රජයෙන් කරන්න පුළුවන් දෙයක් කරන්න , අපේ දේශපාලකයන්ට අවශ්‍ය ප්‍රාඩෝ , අපිට අවශ්‍ය පැට්‍රොල් ඩිසල් , බෙහෙත් , විදේශ ණය ගෙවන්න විදේශ විනිමය මෙරටට ලබාදෙන්නේ මේ අසරණ මිනිස්සු දහදුක් විඳලා , හරිනම් රතුපලස් දමල පිළිගන්න ඕනේ මේ මනුස්සයන්ට අපේ ගුවන් තොටුපලේ නිලධාරී සහ එයා ලංකා එකේ සේවක සේවිකාවෝ සලකන ආකාරය දැක්කහම හරිම කනගාටුවක් දැනෙන්නේ......
මෙම කාන්තාවන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් වන්දි මුදල් ලබාදිය යුතුයි. විදේශ ගතවෙනකොට රක්ෂණ ආවරණය කියලා දහ දොළොස්දාහ ගන්නවා. පුහුණුවට කියලා මුදල් ගන්නවා. මෙඩිකල් කරන්න මුදල් ගෙවනවා. මේ මුදල්වලින් කිසිම දෙයක් ශ්‍රමිකයන්ට කරන්නැහැ. පේනවනේ මෙ එන අය ටිකට් එකටත් සල්ලි ගෙවලා තියෙන්න අතේ මුදලින්.. හරිම අසාධාරණයි මේ රක්ෂණය නම් සතපහකට වැඩක් නැහැ.