(නිමන්ති රණසිංහ)

ෆේස්බුක් ගිණුම මගින් අසත්‍ය ප්‍රචාර පැතිර වූ බව කියන රාජ්‍ය නිලධාරියකු ගෙලිඔය ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි

හතළිස් දෙහැවිරිදි වියේ පසු වන මෙම සැකකරු කොත්මලේ ප්‍රදේශයේ සේවය කරන රාජ්‍ය නිලධාරියකු බව ද ඔහු පැවසීය.

මෙරට ප්‍රසිද්ධ වනාන්තර හෙළි පෙහෙළි කරන බව සඳහන් කරමින් ව්‍යාජ ඡායාරූප සිය ෆේස්බුක් ගිනුම මගින් සාවද්‍ය ප්‍රචාර සිදු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු අනාවරණය කරගෙන ඇතැයි ද හෙතෙම පැවසීය.

සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය