(දයාසීලි ලියනගේ)

වසර තුනක කලා උපාධිධාරී පාඨපාලාවක් සම්පූර්ණ කිරීම සඳහා එක් ශිෂ්‍යයෙක් වෙනුවෙත් රුපියල් 8,54310ක මුදලක් රජය වැය කරනු ලබන බව අනාවරණය වී ඇත.

ඒ අනුව කලා උපාධිධාරීන් 1500ක් බිහි කිරීම සඳහා රජයට රුපියල් කෝටි 1281ක් වැය කිරීමට සිදුවී ඇති බව රාජ්‍ය ගිණූම පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවක සඳහත් කර ඇත.

ශාස්ත්‍ර පීඨවල උපාධිධාරීන්ගේ රැකියා වියුක්තිය ප්‍රමාණාත්මකව වැඩි බැවින් රැකියා අවශ්‍යතාවන්ට සරිලන අයුරින් පාඨමාල සැකසීම  සඳහා තොරතුරු තාක්ෂණය හා පරිඝණක දෙපාර්තුමේන්තුවක් ඇති කිරීම සඳහා රුපියල් මිලියන 300ක් වැය කර ඇති බවද වාර්තාව සඳහන් කරයි.