IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


කලාවැවේ අවදානම් තත්ත්වයක් : හදිසි දොරටු තවදුරටත් විවෘත කරන්න බෑ

(කුෂාන් ජයවර්ධන)

කලාවැවේ හදිසි වාන් දොරටු අද (20) පස්වරු 4.00 සිට අඩි 18 දක්වා උපරිම අගයට විවෘත කර තිබේ.

කලාවැවෙන් පිටවන ජල ධාරිතාවයට වඩා වැඩි ජල ප‍්‍රමාණයක් මේ වනවිට කලාවැවට එක්වෙමින් තිබීමෙන් කලාවැව ආශ‍්‍රීතව හදිසි අවදානම් තත්ත්වක් මතුවී ඇත.

කලාවැව කාර්යභාර ඉංජිනේරු කාර්යාල ප‍්‍රකාශකයකු පැවසුවේ කලාවැව ආශි‍්‍රත ප‍්‍රදේශවලට තවදුරටත් වැසි ලැබෙමින් පවතින බවයි. කලාවැවේ හදිසි වාන් දොරටු මේ වනවිට උපරිම අගයට විවෘත කර තිබේ. ඒ අනුව මේවනවිට කලාවැවේ හදිසි වාන් දොරටු දෙක අඩි 18ක් දක්වා විවෘත කර ඇති අතර අඩි දෙකක පමණ ජල කදක් වානෙන් පිටවනු ඇත.

ඒ අනුව මේ වනවිට කලාවැවෙන් කලා ඔයට මුදාහැරෙන ජල ප‍්‍රමාණය 22,725 (තත්පරයට ඝණ අඩි) පමණ වේ. එසේ වුවද මේවනවිට පවතින වැසි තත්ත්වයත් සමඟ කලාවැවට  මේ වනවිට තත්ත්පරයට ඝණ අඩි 32,445ක් (තත්ත්පරයට ඝණ අඩි) පමණ වේ. ඒ අනුව වැවෙන් පිටවන ජල ප‍්‍රමාණයට වඩා වැඩි ජල ප‍්‍රමාණයක් මේ වනවිට කලාවැවට එක් වෙමින් පවතී.

පවතින තත්ත්වය අනුව තවදුරටත් හදිසි දොරටු විවෘත කිරීමට නොහැකි තත්ත්වයත් සමඟ කලාවැව යම් අවදානම් තත්ත්වයකට පත්ව ඇති අතර අවශ්‍ය වුවහොත් වැව්බැම්මේ හදිසි පැතිවාන කපා දැමමීට සිදුවන බවද කලාවැව කාර්යභාර ඉංජිනේරු කාර්යාලය පවසයි. පවතින අවදානම් තත්ත්වය අනුව කලාවැව යටතේ මෙන්ම කලාඔය දෙපස ජීවත්වන පිරිස් රාත‍්‍රි කාලයේ දැඩි අවධානයෙන් සිටින්නැයි කලාවැව කාර්යභාර ඉංජිනේරු කාර්යාලය දැනුම් දී සිටී.   



අදහස් (7)

කලාවැවේ අවදානම් තත්ත්වයක් : හදිසි දොරටු තවදුරටත් විවෘත කරන්න බෑ

saliya Friday, 20 December 2019 02:04 PM

හොඳ කාලය ආවාම අම්බානකට වහිනවා. නාග ලෝකෙන් ආව පණිවිඩය බොරු නොවෙයි. ඔන්න දැන් සැබෑ වෙලා...

:       163       161

සත්‍යවාදියාFriday, 20 December 2019 05:06 PM

හොඳ කාලය පෙනෙයි... වැව්බැම්ම කැඩී බිඳී ගියොත්...

:       32       47

kamalFriday, 20 December 2019 09:05 PM

ඔය නාග ලෝකේ නයාට බැරිද වැඩි වතුරටික බීලා දාන්න.

:       0       1

චන්දන Friday, 20 December 2019 03:41 PM

ජනතාව, පීඩාවට පත්කරන වැසි එන්නේ හොඳ කාලය නිසාද..? දන්නැති නිසා මේ අහන්නේ... වහන් දොරටු උපරිම යට එන්න පෙර අරිය නම් අවසානයේදී එකවර වැඩි ජල ප්‍රමාණයක් නිකුත් කරන එක වළක්වන්න පුළුවන් නේද?

:       54       9

S.PSaturday, 21 December 2019 05:36 AM

ඔයාගේ අදහස හොඳයි.. හැබැයි ප්‍රායෝගිකව කරන්න අපහසුයි 1.යන්තම් වතුර වැඩි වෙනකොට වාන් දොරටු අරින්න බෑ, වැසි අඩු වුණොත් වැවේ උපරිම ජල ධාරිතාව පවත්වා ගන්න බැරුව යන නිසා H කලාපයට කුඹුරු වලට නාන්න බොන්න ජලය නැතිවෙනවා. වාරිමාර්ග ක්‍රම තවත් ඉගෙනගෙන කමෙන්ට් කරන්න. 2. ඉස්සර වගේ නෙවි දැන් වැස්ස සුළුවෙලාවක් ඇතුළත ගොඩක් වහිනවා. මේක දරාගන්න පරණ දොරටු වලට බෑ. 3. හදිස්සියේ වැව කැඩුණොත් පහළ ඉන්න ජනතාවගෙන් ලොකුප්‍රමාණයක් මැරෙනවා. අවතැන් වෙනවා. හාල් මිල අහස උසට වැඩිවෙයි. 4. එහෙම වුණොත් පහළ තියන වැව් ඔක්කොම කැඩෙනවා. 5. මේකට එක විසදුමක් තියනවා.. තවත් දොරටු දෙකක් මේ දොරටුවලට සමාන්තරව සවිකිරීම. එ්කත් මේ වෙලාවේ කරන්න අමාරු දෙයක්... ඒක එදිරියට තමයි කරන්න වෙන්නේ. ඒ වගේම ඒ වතුර පහළ වැව්වලට හානියක් නොකර පිටතින් යන්න ක්‍රමයකුත් හදන්න වෙයි. 6. අධ්‍යාත්මික දේවල්වලින් රජරට ජනතාව වැඩ ගන්නවා. මේ වෙලාවේ කරන්න තියන්නේ අරයට මෙයාට දොස් කියකිය ඉන්න එක නෙවෙයි.. රට හැමතැනම මේ උදාර ගොවි ජනතාව වෙනුවෙන් බෝධි පූජා, පිංකම් කරන එක...

:       0       29

JP Friday, 20 December 2019 04:45 PM

බොරු නොකියා ඉන්න. ඔයා දන්න ඉටිගෙඩියක් නෑ. පහුගිය මාස 7ක ඉඳලා ලංකාවට වහිනවා...

:       65       100

සෙනෙවිරත්න Friday, 20 December 2019 06:18 PM

මහින්ද මහත්තයා සහ සමහර හාමුදුරුවන් ඡන්දෙට කලින් වහින කොට ඒක දෙවියො කෝපවෙලා නැත්නම් සාපයක් නිසා දැන් මොකද කියන්නේ? ස්වභාවධර්මය පවා අවභාවිතා කරලා දිනපු ඡන්දයක්...

:       119       450

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1916 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1528 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 534 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site