IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කලවාන රෝහලේ වාට්ටුවක් වහයි

( උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )

කලවාන මූලික රෝහලේ පිරිමි වාට්ටුව වෙත ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි පුද්ගලයින් දෙනෙකු වෙත කොරෝනා ආසාදිත බවට තහවුරු වීමත් සමඟ එම වාට්ටුව වසා දැමීමට පියවර ගත් බව කලවාන මූලික රෝහල පැවසීය .

ඒම වාට්ටුව බාරව සිටී වෛද්‍යවරයා ඇතුළු කාර්‍යමණ්ඩලයද ස්වයං නිරෝධානයට ලක්කර ඇතිබව කලවාන මූලික රෝහල පැවසීය .

පසුගිය දිනකදී මෙම රෝගීන් දෙදෙනා දෙඹර ප්‍රහාරයකට ලක්වූ බව පවසා ප්‍රතිකාර ලබාගැනීමට රෝහල වෙත පැමිණ ඇතිබවත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී රෝග ලක්ෂණ අනුව ඔහුන්ගෙන් විමසා සිටියදී ඔහුන් නිරෝධානයට ලක්කල පුද්ගලයින් බව රෝහල් කාර්‍යමණ්ඩලය වෙත ප්‍රකාශ කර තිබේ .

ඒ අනුව ඔහුනගේ පී.සී.ආර් සාම්පල ලබාගෙන පරීක්ෂා කිරීමේදී ඔහුන්ට කොරෝනා ආසාදිත බවට තහවුරු වු බව කලවාන මූලික රෝහල පැවසීය .ඒ අනුව ඔහුන් ප්‍රතිකාර ලබමින් සිටී පිරිමි වාට්ටුව වසාදැමීමට පියවර ගත් බව කලවාන මූලික රෝහල පැවසීය .

යම් පුද්ගලයකු ප්‍රතිකාර ලබාගැනීමට පැමිණීමේදී ඔහුනගේ සැබෑ රෝග ප්‍රකාශ කර සීටීනම් මෙවැනි තත්වයන් ඇති නොවන බවද මූලික රෝහලේ ප්‍රකාශකයකු පැවසීය .



අදහස් (1)

කලවාන රෝහලේ වාට්ටුවක් වහයි

සංජීවනී Friday, 01 January 2021 05:44 PM

බොරු ප්‍රචාර පතුරවන්න එපා.. මේ වනතෙක් කලවාන රෝහලේ කිසිම නේවාසික රෝගියෙක් කොරෝනා රෝගියෙක් බවට තහවුරු කරලා නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 772 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site