IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


ක්ලැරන්ස් විජේවර්ධන නමින් මාවතක්

(ඩයනා උදයංගනී)

ප්‍රවීණ ගායන ශිල්පියකු, ගී පද රචකයෙකු, තනු නිර්මාණ ශිල්පියකු වූ ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ 78 වන ජන්ම දින සැමරුම ඊයේ ට (3) යෙදී තිබූ අතර ඒ නිමිති කරගනිමින් මහරගම, තලපත්පිටිය ප්‍රදේශයේ ඇති ඔහු ජීවත් වූ නිවස පිහිටි මාර්ගය ”ක්ලැරන්ස් විජේවර්ධන මාවත” ලෙස නම් කිරීම රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

එහිදී ප්‍රවීණ ගායන ශිල්පිනී ඉන්ද්‍රානි පෙරේරා මහත්මිය අතින් එම මාර්ගයේ නාම පුවරුව විවෘත කෙරිණි. ක්ලැරන්ස් විජේවර්ධන මහතා දැයෙන් සමුගෙන මේ වන විට වසර 25 කි.

ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ බිරිඳ වන ශීලා විජේවර්ධන මහත්මිය ද මෙම අවස්ථාවට අන්තර්ජාලය ඔස්සේ මෙම අවස්ථාවට එක්වූ අතර කලාකරුවන් වන රජීව් සෙබස්තියන්, ජානක වික්‍රමසිංහ, ලිලන්ති කරුණානායක, විජේ කොරයා, ආරියසිරි විතානගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (14)

ක්ලැරන්ස් විජේවර්ධන නමින් මාවතක්

asanka Wednesday, 04 August 2021 07:16 PM

පහු වෙලාවත් මෙවැනි දෙයක් කිරීම සතුටට කරුණක්...

:       1       255

RaveendraThursday, 05 August 2021 04:59 AM

ඇත්තෙන්ම ඔබගේ අදහස් නිවැරදිය....

:       0       2

BamunuarachchiThursday, 05 August 2021 11:43 AM

සින්දු කියන අයගේ විතරක් නොවෙයි බයිලා කියන අයගේ නම්වලිනුත් පාරවල් නම්කරමු. ඇයි කවි, විරිදු? කවියන්ට කියන්නේ මහා කවි අහවලා කියා නේද? අපි පව් කියලාත් හිතෙනවා.

:       3       0

බද්රානි Wednesday, 04 August 2021 07:57 PM

ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයලා වගේ සැබෑ කලාකරුවන් වෙනුවෙන් මාවතක් නම් කරන එක අගය කල යුතු යහපත් ක්‍රියාවක්... එ්ත්, දැන් ඉන්න නලාකාරයින් නම් එතුමන් වෙනුවෙන් නම් කළ මාර්ගයේ යන්නවත් සුදුස්සන් නොවෙයි. අපි නම් දැන් ඉන්න දේශපාලන වන්දි භට්ටයින්ව සත පහකට ගණන් ගන්නේ නැහැ. ඔවුන්ගේ මුග්ධ කලාවෙන් අපට ඇති වැඩක් නැහැ. ඒ වෙනුවට විදේශීය නිර්මාණ රසවිඳීමට අප දැන් හුරුවෙලා...

:       0       0

Nihal Wednesday, 04 August 2021 08:48 PM

මෙයට මූලික වූ හැමෝම විශිෂ්ඨයි.

:       0       0

Pradeep Wednesday, 04 August 2021 09:47 PM

ලංකාවේ නොඉපදී බටහිර රටක මොහු ඉපදී තිබුනානම් සංගීත ලෝකයේ පෙරලිකාර පුද්ගලයෙක් වන්නට තිබුණා. අපේ රටේ බොහෝ කලා කරුවන්ට ඔවුන් ජීවත්ව සිටින කාලය තුලදී නිසි ඇගයීම් හිමිවන්නේ නෑ. මේ නිහතමානී මිනිසාට මෙවන් හෝ සමරුවක් ලැබෙන්නේ මියගොස් වසර 25කටත් පසුවයි.

:       0       0

kapila Wednesday, 04 August 2021 10:42 PM

ආචාර්ය පණ්ඩිත අමරදේවයන්ගේ භෂ්මාවශේෂ තාමත් මල් ශාලාවෙලු. කෝ අර කියපු අමරදේව මධ්‍යස්ථානය?

:       0       0

Bamunuarachchi Wednesday, 04 August 2021 11:07 PM

අනේද කියන්නේ...?

:       0       0

Bamunuarachchi Wednesday, 04 August 2021 11:09 PM

මිනිස්සුන්ගේ මානසික මට්ටම... අල්පොන්සෝ නමිනුත් එකක් තියෙනවා මාමේ...

:       0       0

chandana Thursday, 05 August 2021 02:22 AM

ඇත්තටම හොද වැඩක්,අපේ රටේ ගීත කලාවට අලුත් මාවතක් විවර කල මෙවැනි පුරෝගාමී කලාකරුවෙක්ගේ නාමය අප අතර නිරතුරුව ඇස ගැස්වීමට සැලැස්විම යනු ඔහු අප අතර නිරතුරුව ජිවත් වීමයි.

:       0       13

C..A.D Munasinghe Thursday, 05 August 2021 01:11 PM

ඔහු මිනිසුන් අතර සිටින විශිෂ්ඨ සංගීතඥයෙකි. ඔහුට කෘතගුණ සැලකීම හොඳ දෙයකි.

:       0       12

kamal Thursday, 05 August 2021 01:28 PM

සදාතනික යෞවනයේ කුමාරයාණෙනි .,පමාවී හෝ පිළිගන්න මේ රෝස මල

:       0       22

Harold perera Friday, 06 August 2021 10:18 AM

ගොඩක් හොඳ තීරණයක්... වැඩක් නැති දේශපාලකයින්ගේ නම් දානවට වඩා ගොඩක් හොඳයි. ක්ලැරන්ස් කියන්නේ සදහටම මතකයේ තියෙන සංගීත ශිල්පියෙක්...

:       0       0

Bamunuarachchi Friday, 06 August 2021 07:18 PM

නිහාල් නෙල්සන්, සුනිල් වගේ අයත් අමතක කරන්න එපා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1242 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1205 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 441 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site