
(දිනේෂ් උපේන්ද්‍ර)
කුලියාපිටිය ඇඹව ප්‍රදේශයේ ඊයේ (18) පැවැති විවාහ මංගල උත්සවයකට සහභාගී වූ 35 දෙනකුට සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයෙන් කොරෝනා ආසාදිතයන් 19 දෙනකු හඳුනා ගත් බව කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
කුලියාපිටිය කරගහගෙදර ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැති මෙම මංගල උත්සවයට කෝවිඩ් ආසාදිතයකු සහභාගීවීම හේතුවෙන් සෙසු පිරිස පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කර ඇත.
මෙම මංගල උත්සවයේදී මත්වතුර පානය කළ පිරිසෙන් වැඩි දෙනකුට මෙසේ වයිරසය ආසාදනය වී ඇති බව ද සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි.
කෝවිඩ් ආදානම මුළුමනින්ම පහව ගියා සේ සලකා කටයුතු කිරීම නිසා යළි අර්බුදකාරි තත්ත්වයක් ඇති විය හැකි බවත් මුල් රැල්ලේ තිබූ පරෙස්සම ඒ අයුරින්ම පවත්වාගෙන ගියහොත් ඉක්මණින් සියල්ල යථා තත්වයට පත්වනු ඇතැයි කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි උත්පල සංකප්ප මහතා පවසයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.