
(පද්මා කුමාරී කංකානම්ගේ)
බලපත්‍ර නීතී උල්ලංඝණය කරමින්, ධීවර කටයුතුවල නිරත වන ධීවර යාත්‍රාවක් කල්පිටිය තලවිල වෙරළ ආසන්න මුහුදේ ධීවර කටයුතුවල නිරත වීමේ සිද්ධියක් මුල්කර ගෙන තලවිල ධීවර තොටුපළේ අද(9) උණුසුම් තත්ත්වයක් පැණ නැගිණි.
නොසංසුන් ධීවර ප්‍රජාව විසින් තහනම් දැල් ආම්පන්න සහිත ධීවර යාත්‍රා, මසුන් සහ ධීවරයින් දෙදෙනෙකු වෙරළ තීරයට කැදවාගෙනවිත් තිබිණි. ධීවර පනත අනුව ධීවරයන්ගේ සාමය පවත්වාගෙන යාමේ අරමුණින් එම ධීවරයින් දෙදෙනා පුත්තලම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුව මගින් අත් අඩංගුවට ඇත.
පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සුමින්ද ප්‍රහාත් වික්‍රමසිංහ පැවසුවේ, 1996 අංක 2 දරණ ධීවර හා ජලජ සම්පත් පනත යටතේ ධීවරයන්ගේ සාමය පවත්වාගෙන යාම උදෙසා මෙම අත් අඩංගුවට ගැනීම සිදු කළ බව සහ ඉදිරි කටයුතු සදහා ධීවර අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් වැඩිදුර උපදෙස් ලබා ගැනීමට බලාපොරොත්තුවන බව ය.
කල්පිටිය පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් කල්පිටිය වෙරළ තීරයට පැමිණ සාමය ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලදී.



COMMENTS