IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


‘කල්පිටියේ රජයේ ඉඩමකට ඇතුළු වූ පිරිසක් පොල් පැළ විනාශ කරලා‘

(කුමාරී කංකානම්ගේ)

කල්පිටියේ  රජයේ ඉඩමකට බලෙන් ඇතුලු වූ  කිසියම් පිරිසක් විසින් එහි තිබූ පොල් පැළ සමූහයක් මුලින් උදුරා දමා කපා කොටා විනාශ කොට ඇතැ යි,කල්පිටිය ප්‍රාදේශීය ලේකම්වරයා කල්පිටිය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර තිබේ.

කල්පිටියේ වටිනා පුරා විද්‍යා ස්මාරකයන් වන කුවේණියගේ නැගණියක වූ අල්ලි රාණීයගෙ  මාලිගාව හා  ඓතිහාසික ගෙන්ගේ ජලාශයට යාබදව මෙම ඉඩම පිහිටා තිබේ.

කල්පිටිය ප්‍රාදේශීය ලේකම් ඩී.ඒ.පී.ධනන්සූරිය මහතාගෙන් විමසූ විට ඒ මහතා ප්‍රකාශකළේ,කිසියම් පිරිසක් මෙම රජයේ ඉඩම ක්‍රීඩා පිටියක් සදහා තමන්ට ලබාදෙන ලෙසට ඉල්ලීමක් කර ඇති බවයි.

එහෙත් එම ඉඩම කිසිවෙකුට හෝ මෙතෙක් පවරා දී නොමැති බවත්, එවැනි පසු බිමක යම් කිසි පිරිසක් රජයේ ඉඩමේ තිබූ පොල් පැල මෙසේ විනාශ කර තිබීම නිසා  පොලිසියේ පැමිණිල්ලක් දැමූ බවද ප්‍රාදේශිය ලේකම්වරයා කීවේය.

අප මේ පිළිබදව කල්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත කුමාර මහතාගෙන් විමසූ විට ඒ මහතා පැවසුවේ එම පැමිණිල්ලට අදාලව විමර්ශණ අරඹා ඇති බව ය.



අදහස් (3)

‘කල්පිටියේ රජයේ ඉඩමකට ඇතුළු වූ පිරිසක් පොල් පැළ විනාශ කරලා‘

ලුම්බිණි Tuesday, 29 June 2021 10:56 AM

අහන්න ප්‍රදේශයේ දේශපාලකයාගෙන්...

:       0       5

Hafeel Tuesday, 29 June 2021 11:15 AM

දේශපාලන හයියක් නැතුව මේ විනාශය කරන්න බැහැ. සමහරවිට අර ඔක්සිජන් ඇමතිගේ ගෝලයින්ලද දන්නේ නැහැ.

:       0       6

Jonty from Australia Tuesday, 29 June 2021 01:02 PM

මේක කරපු අයට නීතිය ක්‍රියාත්මක කරන්න.

:       0       41

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 65 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site