IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


කල්පිටියේ දේව ප්‍රතිමාවකට හානි කරලා

 

(කල්පිටිය පද්මා කුමාරී කංකානම්ගේ )

කල්පිටිය ඒත්තාල කොළණියේ ප්‍රධාන මංසන්ධියේ පිහිටි වේලන්කන්නී මාතා දේව ප්‍රතිමාව සහිත කුටීරයේ විදුරු බිද දමා,එම ප්‍රතිමා පොළවේ ගසා සුණු විසුණු කර ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි.

වීදුරුවක්  බිද වැටෙන ශබ්දයක් ඇසී අසල්වාසී නිවැසියන් සොයා බැලීමේදී සුරුවම් කඩා දමා තිබූ බව ප්‍රදේශවාසීහු පවසති.

කිසියම් පුද්ගලයකු සොරුවම ඔසවා පොළවේ ගසනු තමන් දුටු බවත් එම නිවැසියන් පොලිසියට පවසා ඇත.

සිද්ධිය සැළ වූ වහාම එම ස්ථානයට තලවිල මීසම් පාලක ලයිලි ප්‍රනාන්දු පියතුමා පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා පොලිසියට දැනුම් දී ඇත.

සිද්ධියට සම්බන්ධයෙන් ප්‍රදේශයේ තරුණයෙක් පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය.



අදහස් (14)

කල්පිටියේ දේව ප්‍රතිමාවකට හානි කරලා

Lester Tuesday, 16 March 2021 06:55 AM

බුදුපිළිම වලට හානි කරලා විතරක් නොවේ... දේව මෑණියන්ට අවමාන කළොත් උපරිමයෙන් ඵලදෙනවා. ජනතාවගේ මුහුණේ තියෙන කණගාටුව තමයි විශ්වාසයෙන් සත්‍යය අභිබවා යන බව පේනවා.

:       1       14

Perera Tuesday, 16 March 2021 06:58 AM

ඔහොම දෙයක් මොරටුවේ කුරුස හන්දියේ කුරුසෙට හානි කරලා ආපු අයගෙන් දෙන්නෙක් මැරුණා.

:       1       12

fairoos Tuesday, 16 March 2021 07:16 AM

මානසික රෝගයෙන් පෙළෙන අය කරන වැඩ. සහරාන්ගේ ගෝලයෝ වෙන්න ඕනෑ. හරිහැටි පරීක්ෂණයක් කළොත් හොඳයි. ඡන්දෙත් ළඟ එනවනේ.

:       3       18

BamunuarachchiTuesday, 16 March 2021 11:20 AM

ඔය ජාතියම මානසික රෝගීන්. නැතිනම් දෙවියන් විශ්වාස නොකරන මිනිසුන් මරන්න කියන ආගමක් අදහාවිද?

:       4       5

බද්රානි Tuesday, 16 March 2021 07:38 AM

ඔය වගේ දෙකයි පනහේ බාල වැඩ කලයි කියලා කතෝලිකයෝ නම් කුලප්පු වෙන එකක් නැහැ මගේ හිතේ. ජාතිවාදය අවුස්සන්න වෙනත් අයගේ පිටින් යවන්න ඔවැනි නීච, නින්දිත, තුප්පහි වැඩකරන්නේ කවුද කියලා මේ මුළු රටම දන්නවා. හැබැයි බොරුවෙන් ජනතාව මුලා කරන එවුන්ට නම් හෙන හතම වදිනවා!!!!ඒක නොවුනොත්, ආගම දහම බොරු??

:       4       14

BamunuarachchiTuesday, 16 March 2021 11:29 AM

මෙයා හැරෙන්නේ මොන පොල් පැලේ කන්නද? සිංහලෙන් කියනවා ගහන්න ගහන්න වඳින එකත් මොඩයා, වඳින්න වඳින්න ගහන එකත් මෝඩයා කියලා. දැන් වෙලා තිබෙන්නේ ගහන්න ගහන්න වඳින එකත් මෝඩයා කියන දේ...

:       7       1

නිකුලස් Tuesday, 16 March 2021 07:54 AM

කිසිම කෙනෙකුට හානියක් නොකරන දේව මෑණියන්ගේ පිළිමේ විනාශ කළානම් ප්‍රතිඵල ළඟදීම හම්බවෙයි.

:       2       8

Aziz Tuesday, 16 March 2021 08:25 AM

මුස්ලිම් අය නම් ඔය වගේ වැඩ කරන්නේ නැහැ.

:       9       8

rasikaTuesday, 16 March 2021 09:27 AM

එතකොට මාවනැල්ලේ බුදුපිළිම කඩලා ඔය දැන් අහුවෙල් ඉන්නේ. එතකොට සහරාන්ගේ කල්ලිය පල්ලි ඇතුළේම ක්ලේමෝ බෝම්බ පිපුරුවේ. බංග්ලාදේශ, පාකිස්තාන, ඇෆ්ගනිස්ථාන, මැලේසියාවේ බුදු පිළිම කඩලා විනාශ කළේ මුස්ලිම් නෙමෙයිද? ඒ වගේම තලෙයිබාන් කට්ටියට වුණේ මොකක්ද? නැගෙනහිර සොහොන් කොත් පවා කඩලා දැම්මේ ඔය සහරාන් කල්ලිය තමයි.

:       0       4

BamunuarachchiTuesday, 16 March 2021 11:30 AM

අපොයි ඕවා දැන් අපිට ඒවා කඩන්න කාලේ ඇවිල්ලා...

:       3       2

BamunuarachchiWednesday, 17 March 2021 12:26 PM

ඒක ඇත්ත.. ඔය වගේ වැඩක් කළොත් හම්බයෙක්ම තමයි නේද?

:       0       0

Nihal Tuesday, 16 March 2021 08:30 AM

ක්‍රිස්තියානි වෙනත් නිකායක වෙන්නත් පුළුවන්. අර එක්සත් රාජධානියේ, අයර්ලන්තයේ පල්ලි කඩනවා වගේ.

:       5       8

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 16 March 2021 08:32 AM

මේවා තිරිසනුන්වත් නොකරන වැඩ... මිනිසා ශිෂ්ඨ වෙන්නේ ආගම දහම තුළින්. ඒ දේ හරිහැටි නොදන්නා අමන මෝඩයන් කරන මෙවන් අපරාධවලට එ් අයට සාප වෙනවා සිකුරුයි. කවුරුත් කලබල වෙන්න ඕනෑ නැහැ. මෙවැනි සාහසික අපරාධ කරනා අයට හෙණ ගහනවා ගහනවාමයි. ආයේ ඒකේ සැකයක් නැහැ.

:       2       7

Raveendra Tuesday, 16 March 2021 09:13 AM

කව්රුන් කළත් මෙවැනි ක්‍රියාවන් ඉතාමත්ම තුප්පහියි. අද බොළඳ නිවට ක්‍රියාවන් බව සඳහන් කරන්නෙමු. මිනිසුන් අතර කුලල් කා ගැනීම් බලාපොරොත්තුවෙන් මෙවන් නිවට කාලකන්නින් බලා සිටිනවා විය හැකියි.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 617 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 823 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 357 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site