
(සිතුම් චතුරංග)
කිලිනොච්චිය, ශිවපුරම් ප්‍රදේශයේදී කපාකොටා ඝාතනය කළ එක් දරුපියකුගේ මළ සිරුරක් අද (17) උදෑසන සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.
එලෙස ඝාතනය කොට ඇත්තේ කිලිනොච්චිය, පරන්තන්, ශිවපුරම් පදිංචි මුත්තයියා කේදීෂ්වරන් නැමති අවුරුදු 27ක කම්කරුවකු බවද පොලිසිය සඳහන් කරයි.
නිවස අසල මඩුවක් තුල නිදාසිටි මියගිය පුද්ගලයා කිසියම් පිරිසක් විසින් පෙරේදා රාත්‍රියේ කපාකොටා ඝාතනය කොට ඇති බවත් මියගිය පුද්ගලයාගේ සිරුරේ සහ මුහුණ ප්‍රදේශයේ කැපුම් තුවාල කිහිපයක් දක්නට ලැබෙන බවත් පොලිසිය පැවසීය.
ඝාතනය කොට ඇත්තේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය නොවූ බවත් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවත් පැවසීය.
මියගිය පුද්ගලයාගේ සිරුර සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය කිලිනොච්චිය දිසා රෝහලේ පැවැත්වීමට නියමිතය.

2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කිලිනොච්චියේ කම්කරුවෙක් කපා කොටා මරා දමලා