(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක කොරෝනා වයිරසය ආසාදිතයන්ගේ වාර්තා වීම ඉහළ යාම හේතුවෙන් කළුතර ග්‍රාම සේවා වසම් දහයක් පූර්ණ හා අර්ධ වශයෙන් අද( 20 )හුදකලා කළ බව කළුතර මහ දිසාපති ප්‍රසන්න ගිනිගේ මහතා පැවසීය .
මේ අනුව කළුතර දකුණ 725 සහ 725 ඒ , වේලාපුර,මහමහවත්ත , කුඩා හීනටිගල, කුරුඳුවත්ත ,අක්කර ගොඩ ,වෙට්ටුමකඩ ,කලපුව කොටසක් මෙලෙස හුදකලා කර බව දිසාපතිවරයා වැඩිදුරටත් කීය
එම ප්‍රදේශ වලින් පමණක් මේ වන විට කොරෝනා ආසාදිතයන් කිසි පනස් හයක් පමණ වාර්තා වී ඇති අතර ගෙවුණු සති දෙක තුළ පමණක් එයින් එකසිය පනහකට ආසන්න පිරිසක් වාර්තාවී ඇත
හුදෙකලා කරන ලද එම ග්‍රාම සේවා වසම් වල පවුල් 3000ක් පමණ සිටින අතර ජන ග්‍රහනය 15000 පමණ බව කළුතර ප්‍රාදේශීය ලේකම් සිසිර හෙන්නායක මහතා කීය .
මේ අනුව කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, බණ්ඩාරගම කළුතර හා බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ග්‍රාම සේවා වසම් විසිපහකට ආසන්න ප්‍රමාණයක් මේ වන විට හුදකලා කර ඇතැයි දිසාපතිවරයා වැඩිදුරට කීය
2025 නොවැම්බර් මස 17
83
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
921
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2538
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කලුතර ග්‍රාම නිලධාරීපවසම් 10ක් හුදකලා කරයි