කැලණිය විශ්ව විද්‍යාලයට වසර 60ක් සැපිරීම නිමිත්තෙන් ප්‍රධාන පුස්තකාලයට අනුබද්ධව කෞතුකාගාරයක් ස්ථාපිත කිරීමට විශ්ව විද්‍යාල පරිපාලනය තීරණය කර ඇත.
ඒ අනුව කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා කැලණිය විද්‍යාලංකාර පිරිවෙන, විද්‍යාලංකාර මණ්ඩපය, විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය හෝ කැලණිය විශ්වවිද්‍යාලයට හෝ අයත් තොරතුරු මූලාශ්‍ර කැලණිය විශ්වවිද්‍යාලය වෙත පිරිනමන්නැයි පාලනාධිකාරිය මහජනතාවෙන් ඉල්ලා සිටී.
පෞරාණික මෙන්ම කෞතුක වටිනාකමකින් යුතු තොරතුරු මූලාශ්‍ර හෝ භාණ්ඩ පරිත්‍යාග කිරීමට ප්‍රථමයෙන් එම මූලාශ්‍රවල ඡායාරූප [email protected] විද්‍යුත් ලිපිනයට එවැන්නයි ද කැලණිය විශ්වවිද්‍යාලය කියා සිටී.
තොරතුරු මූලාශ්‍ර හෝ භාණ්ඩ විශ්ව විද්‍යාලයට රැගෙන ඒමටත්, එහි පරිත්‍යාග කරන්නාගේ නම ප්‍රදර්ශනය කිරීමටත්, පරිත්‍යාගය අගය කිරීම සඳහා සහතිකයක් නිකුත් කිරීමට කැලණිය විශ්ව විද්‍යාලය කටයුතු යොදා ඇත.
011 2 903 218 සහ 071 482 3521 යන දුරකතන අංකවලින් වැඩි විස්තර ලබාගත හැකිය.
055
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කැලණි සරසවියේ පුස්තකාලයට අනුබද්ධ කෞතුකාගාරයක් ස්ථාපිත කෙරේ
රවින් Friday, 09 August 2019 02:32 AM
ඔව් ඔව්... මේ ළමයි හැමදාම විරෝධතා පවත්ව පවත්වා ඉඳලාම අන්තිමේ කෞතුකාගාරේ තමයි නවතින්න වෙන්නේ... බැරිද ඔය අදහස හැම විශ්ව විද්‍යාලයකම ස්ථාපනය කරන්න.
රවින් Friday, 09 August 2019 10:46 AM
විශ්ව විද්‍යාලවල සිසුන් උද්ඝෝෂණය කරකර ඉන්නකොට රටට ඉතිරිවන්නේ කෞතුකාගාර විතරයි. අනාගත පරපුරට වන්නේ "ලංකාව කියන රටේ විශ්ව විද්‍යාල කියලා ආයතන වගයක් තිබුණා එම ආයතනවල සිසුන් උද්ඝෝෂණය කරකර හිටියා මිසක් ඉගෙන ගත්තේවත් ඒවායින් නිසි ප්‍රයෝජන ගත්තේවත් නැහැ. ඒවායේ භාවිතය සඳහා ගන්නා ලද භාණ්ඩ තමා මේ ඔබට දිස්වන්නේ " කියලා කියන එක විතරයි.