(ඩයනා උදයංගනී)
දිවයිනේ පළාත් ගණනාවකට බලපා ඇති වැසි තත්ත්වය අද (22) සහ හෙට (23) දිනවලදී තවදුරටත් වැඩිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
විශේෂයෙන් අනුරාධපුරය, පොළොන්නරුව, ත‍්‍රිකුණාමලය සහ වව්නියාව දිස්ත‍්‍රික්කවලට මිලිමීටර 150, 200 පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත්, මඩකලපුව, අම්පාර, නුවරඑළිය, මාතලේ, පුත්තලම සහ මන්නාරම දිස්ත‍්‍රික්කවලත් ඇතැම් ස්ථානයන්ට මිලිමීටර 100ත් 150ත් අතර තද වැසිත්, දකුණු පළාතේ සහ මහනුවර, කුරුණෑගල, මුලතිව් සහ කිලිනොච්චි යන දිස්ත‍්‍රික්කවල ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 100ක පමණ තරමක් තද වැසිත් ඇතිවිය හැකි බව ද ඔහු සඳහන් කළේය.
කඳුකර ප‍්‍රදේශයන්හි නායයෑම්, පහත් බිම් ජලයෙන් යටවීම්, විශාල ගස් ඉදිරියාම ආදිය සිදුවිය හැකි බැවින් ජනතාව අවධානයෙන් සිටිය යුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කාලගුණයෙන් රතු නිවේදන