(ඩයනා උදයංගනී)
‘ප්‍රජාතන්ත්‍රවාදී හා අවංක මහජන සේවාවක් උදෙසා කැපවූ විශිෂ්ටතම දකුණු ආසියානු රාජ්‍ය තාන්ත්‍රිකයා’ ලෙස එක්සත් ජාතීන්ගේ ආසියානු මිත්‍රතත්ව සංවිධානය මගින් කතානායක කරු ජයසූරිය මහතා නම් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ ආසියානු මිත්‍රතත්ව සංවිධානයේ 20 වන සංවත්සරය නිමිත්තෙන් මෙම නම් කර ඇත.
එම ගෞරව සම්මානය කතානායක කරු ජයසූරිය මහතා වෙත පිරිනැමීම කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදුකෙරිණි.
භාරතයේ සන්සාඩ් සංවිධානයේ මහලේකම් ආචාර්ය අනිල් කේ. සින්ග් මහතා, ඇමෙරිකා එක්සත් ජනපදයේ බෙවර්ලි හිල් ආර්යාව වූ මුනී ඉරෝනී මහත්මිය ඇතුළු දෙස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
ජපානය, අැමෙරිකාව, එංගලන්තය, ජර්මනිය වගේ රටවල දේශපාලන උත්තමයින්ට මේ වාගේ ගෞරව සම්මාන නොලැබෙන්නේ ඒ ගොල්ලන් අදක්ෂ, අසමර්ථ පාලකයන් නිසයි. අපේ උත්තමයින්ට මේ ගෞරව සම්මාන ලැබෙන්නේ ඒවා ඉල්ලා නාහෙන් අඬන නිසා නොවෙයි...
ඇමරිකාව සතුටු කළ අපේ රාජ්‍ය තාන්ත්‍රිකයා...
ප්‍රියන්ත, ඔයලා වගේ දූපත් මානසිකත්වය තියන අය නිසා තමයි බයියන් හැමදාම රජ කරන්නේ.....
සජිත් මහතාටත් ආචාර්ය උපාධියක්වත් දෙයිද දන්නේ නෑ මේ ඇත්තොම... මේ කඩිමුඩියේ එයාලා බැහැලා වැඩ වගේ...
"එක්සත් ජනපදයේ බෙවර්ලි හිල් ආර්යාව" ඇමරිකා එක්සත් ජනපදයට කොහෙන්ද ආර්යාවන්? යුරෝපා රටවලින් පැන්න මිනිසුන් නේද ඉන්නේ? කෙනෙක් අනිකාට සර් කියන්න අකමැති සමාජයක ආර්යාවන් කොහෙන් පාත් වුණාද? එංගලන්තයේ නම් රජවරු, ආර්යාවන් ඉන්නවා...
අද රටට අවශ්‍ය වන්නේ ප්‍රතිපත්ති මත පදනම් වූ විකල්පයකි. මෙවර විකල්පය තෝරාගනිමු. පටු දේශපාලන මතවාද අතහරිමු. තව නැතිවන්නට දෙයක් නැත. මෙවර අනිවාර්යයෙන්ම 50% කිසිවකු නොගනී. එබැවින් මෙම ක්‍රමයට විරෝධය දැක්වීම උදෙසා හා රටට අත්‍යවශ්‍යම වූ විකල්පය සදහා පළමු මනාපය විකල්ප වෙනුවෙන් වෙන්කරමු. තවමත් හිත යටින් අන්ධව විස්වාස කරයි නම් ඔබගේ දෙවැනි මනාපය ඔබේ දැක්ම අනුව රටට විනාශය ගෙනවයි සිතන අපේක්ෂකයා පැරදවීමට පාවිච්චි කරන්න. (කිසිවකු මෙවර 50% නොගන්න බැවින් ඔබගේ වටිනා මනාපය අපතේ නොයා ඉහලම වටිනාකම ක් මෙමගින් ලැබේ.)
"ප්‍රජාතන්ත්‍රවාදී හා අවංක මහජන සේවාවක් උදෙසා කැපවූ විශිෂ්ඨතම දකුණු ආසියානු රාජ්‍ය තාන්ත්‍රිකයා’ " ඕක අර මාලබේ ජාති හිතෛෂියාට දුන්නා නම් බමුණුආරච්චි වගේ අය සතුටුවේවි... අර කොමියුනිකේෂන් එකක් කරපු කිසි රැකියාවක් නොකර මාලිගා හදාගෙන සුරසැප විඳින කෙනා...
ආර්යාවො කොහෙද වෙන රටවල්වල? ඉන්නේ අපේ මේ ශ්‍රී ලංකාවේ විතරයි හරිද? ඒ ඉන්නෙත් නන්දම්මෙකුයි, ලේලියෙකුයි විතරයි. මේවා කවුරු කවුරුත් හොඳට මතක තියාගත්තොත් හොඳයි. මේ අය අනවශ්‍ය නම්බුනාම දාගන්න හදන්නේ අපේ ආර්යාවන් ගැන දන්නේ නැතුව වෙන්න ඇති...