IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


කේරළ ගංජා ළඟ තබාගත් ජාවාරම්කරු නිදහස් කරන්න දෙමළ සන්ධානයෙන් බලපෑම්

කේරළ ගංජා විශාල ප්‍රමාණයක් ළඟ තබා ගත් බව කියන පිරිසක් දෙමළ ජාතික සන්ධානයේ ඉහළ පෙළේ දේශපාලනඥයකුගේ බලපෑම් හේතුවෙන් නිදහස් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.  
 
පොලිසියට ලද ඔත්තුවක් මත කරන ලද වැටළීමක දී එම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
 
ජාවාරම්කරුවන් මුහුදු මාර්ගය ඔස්සේ ශ්‍රී ලංකාවට ගෙනැවිත් ඇති මෙම ගංජා ‘කේරළ ගංජා’ බවත් එම ගංජාවලට උතුරේ පමණක් නොව දකුණේ ද වැඩි ඉල්ලුමක් ඇති බවත් පැවසෙයි.
 
ගංජා තිබූ ස්ථානයට පොලිසියේ විශේෂ ඒකකයක් ගොස් ඇති අතර මෙම විශාල ගංජා තොගය තිබී ඇත්තේ පලායි හි යැයි ද වාර්තා වේ.
 
 මෙම වැටළීම කළ අවස්ථාවේ දී එහි ජාවාරම්කරුවන් හා පොලිසිය අතර එහිදී ගැටුමක් ඇති වී ඇතැයි ද පැවසේ. ගැටුම සිදු වූ විගස පොලිස් සැරයන්වරයා ඇතුළු එම විශේෂ කණ්ඩායම ඒ සම්බන්ධයෙන් පොලිසියේ ඉහළ නිලධාරියකු දැනුවත් කර ඇත. එම සැකකරුවන් පිරිස කිසිදු පොලිස් ස්ථානයකට බාර නොදී කිලිනොච්චියට රැගෙන එන්නැයි ඒ අවස්ථාවේ දී එම ඉහළ නිලධාරියා විශේෂ ඒකකයට නියෝග කර ඇත. 
 
 
සැකකරුවන්ට එරෙහිව ගංජා විශාල ප්‍රමාණයක් ළඟ තබා ගැනීම, පොලිසියේ රාජකාරියට බාධා කිරීම හා පහර දීම යන චෝදනා ගොනු කිරීමට එම අවස්ථාවේ දී පොලිසිය කටයුතු කර ඇත. ඒ අවස්ථාවේදීම අදාළ ඉහළ නිලධාරියාට දෙමළ ජාතික සන්ධානයේ ඉහළ පෙළේ දේශපාලනඥයකුගෙන් දුරකතන ඇමතුමක් ලැබී තිබෙන අතර පොලිස් නිලධාරීන්ට බැණ වැදී ඇති එම දේශපාලනඥයා සැකකරුවන් නිදහස් කරන්නැයි ද නියෝග කර තිබේ.
 
 
ගංජා ළඟ තබාගත් සහ පොලිසියට පහර දුන් එම සැකකරුවන් පිරිස ඒ අනුව නිදහස් කර ඇත. එම අවස්ථාවේ දී පොලිස් සැරයන්වරයා “සුම්මා යන්න දුන්නා” යනුවෙන් එහි සිට උපහාසයට මෙන් පවසා ඇත. දෙමළ බසින් “සුම්මා” යන්නේ තේරුම නිදහස යන්න බව ද පැවසේ.
 
 
එක් සැකකරුවකු අදාළ දේශපාලනඥයාගේ රියදුරාගේ සහෝදරයකු යැයි ද වාර්තා විය. “ඔන්න ඔහොමයි ඒගොල්ලෝ ප්‍රජාතන්ත්‍රවාදය” ආරක්ෂා කරන්නේ යනුවෙන් ඒ ප්‍රදේශය බාර පොලිස් නිලධාරියා ඒ අවස්ථාවේ දී උපහාසයට මෙන් පවසා ඇත. 
 
 
අදාළ පොලිස් නිලධාරීන් මේ පිළිබඳව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා දැනුවත් කර ඇත. පොලිස්පතිවරයා මෙම කරුණ ආරක්ෂක අමාත්‍යාංශයේ අවධානයට යොමු කිරීමට නියමිත යැයි ද වාර්තා විය. උතුරේ මත්ද්‍රව්‍ය පාලනය සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන මොහොතේ ඊට වැඩි වශයෙන් බලපෑම් එල්ල වී ඇත්තේ දේශපාලනඥයන්ගෙන් බව ද කියැවේ. 
 
 
(සන්ඬේ ටයිම්ස් ඇසුරිනි) 
 
055



අදහස් (12)

කේරළ ගංජා ළඟ තබාගත් ජාවාරම්කරු නිදහස් කරන්න දෙමළ සන්ධානයෙන් බලපෑම්

Thilina Sunday, 06 January 2019 04:36 PM

අනේ මේ කාලකණ්ණි දේශපාලකයාටයි, මේ ගෝලයන්ටයි වෙඩි තියෙන්න එකෙක් නැද්ද?

:       0       20

ගල්කටස් Sunday, 06 January 2019 05:06 PM

මෙයට අදහස් ප්‍රකාශ කිරීමත් විහිලුවක් කොන්ද පන නැති අය රට පාලනය කරනකොට මෙහෙම වෙනවා

:       2       19

nihal Sunday, 06 January 2019 05:58 PM

මට එහෙම දෙස්පාලුවෙක් ඔයවගේ නියෝගයක් දුන්නොත් මගේ නිල ඇදුම ජනාධිපතිගේ මෙසේ උඩින් තියලා නම්බු පිටින් එලියට බහිනවා ලැජ්ජයි නින්දිතයි

:       0       40

Bamunuarachchi Sunday, 06 January 2019 11:58 PM

පොලිසියේ වැරැද්ද දේශපාලුවාට දමන්න එපා. උගේ කීමට ඇයි නිදහස් කලේ? ඔබලා පිළිපැදිය යුත්තේ පොලිස්පතිගේ නියෝග පමණයි නේද? දැන් දේශපාලුවා මාධ්‍යට කීවොත් මගේ සම්බන්දයක් නැහැ පොලිස්සිය පගාවගෙන මිනිස්සු නිදහස්කලා කියලා ඔබලාට කටඋත්තර නැහැනේද?

:       0       82

Raveendra Monday, 07 January 2019 01:14 AM

පාට ,පක්ෂ, ලකුණු වෙනස් උනත් "දේශපාලුවන් යනු සමාන අදහස් තිබෙන අය " බව මෙය ද හොද උදාහරණයකි.

:       0       28

SARA Monday, 07 January 2019 01:41 AM

දැන් දැන් සිල්ලර කඩවලත් කේරළ ගංජා විකුනන්න තියෙනවා. කරුණාකර අනාගත පරපුර ගැන හිතල සිල්ලර කඩ පවා විමසුමට ලක් කර සියලුම කේරළ ගංජා අදාළ TNA මන්ත්‍රී වරයාට පොවන්න. තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ වත් මේ දේශප්‍රේමී TNA මන්ත්‍රී ගේ නම ලබාදෙන්න බැරිද ?

:       0       16

vipula Monday, 07 January 2019 03:03 AM

රාජකාරියට බාදා කරා කියලා හිරේ යවන්න බැරිද ?

:       0       29

sunanda Monday, 07 January 2019 03:21 AM

සංහිඳියාව සිංහල අපිට විතරයි...

:       0       27

Mendis Monday, 07 January 2019 04:34 AM

ඔන්න පේනවනේ තමන්ගේ ජාතියට වගේම අනිත් අනිත් ජාතින්වලත් විනාශයට මගපාදන කට්ටියක් ඉන්නවා හැම පක්ෂයකම

:       0       69

Ariyathilaka Monday, 07 January 2019 05:23 AM

වරදට අදාළ භාණ්ඩ සමග (මත්ද්‍රව්‍ය ) අසු වූ සැකකරු මුදාහළේනම් එය සමස්ථ පොලිසියට නින්දාවක්. සැකකරු මුදාහැරීමෙන් පසු පොලිස්පතිවරයා දැනුවත් කිරීමද කළ යුත්තේ?. මන්ත්‍රී බලතල අමාත්‍ය බලතල පාවිච්චි කරමින් රටේ නීතිය අවභාවිතා කිරිම නින්දිත ය. නීතිය හා සාමය අමාත්‍ය ධූරය ජනාධිපති තුමා යටතේ පවතී. ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ,ඇතුළු රටේ වගකිවයුතු සියලු දෙනා මේ පිළිබඳව වගවිය යුතුය. ඒ වගකීමෙන් කිසිවෙකුටත් බැහැර විය නොහැක. ඒකීය රටක පාර්ලිමේන්තු බලතල හා පලාත් සභා බලතල යටතේ මෙසේ නම් ඉඩම් පොලිස් බලතල සහිත දේශපාලන බලය (පෙඩරල් හෝ අර්ධ සංධීය ) උතුරට ලබා දෙන ලෙස කරන ඉල්ලීම පිළිබඳව උතුරේ අනාගත දේශපාලන හැඩ තලය මේ මගින් සිතා ගත හැකිය.

:       86       139

chinthaka Monday, 07 January 2019 07:36 AM

දෙමළ ජාතික සංධානයත් පටන් ගත්තාද පොලීසියට උපදෙස් දෙන්න. මෙතන පොලිසිය වරදක් කරලා තියෙනවා. මොකටද බඩුත් එක්කම හොරු අල්ලගෙන ඉන්න වෙලාවේ ඒ අයව නිදහස් කෙරුවේ? අනෙක ටී.එන්.ඒ. එක මෙච්චර නටන්නේ රනිල්ගේ හුරතලේ හින්දා.

:       0       30

leel gunawardena Monday, 07 January 2019 11:32 AM

බමුණුගේ කතාව මමත් අනුමතකරනවා දේශ පාලකයන්ගෙන් වැඩක් නැහැ.. පොලිසියෙන් විය යුත්තේ නියම රාජකාරියයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 238 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 587 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site