කේරළ ගංජා විශාල ප්‍රමාණයක් ළඟ තබා ගත් බව කියන පිරිසක් දෙමළ ජාතික සන්ධානයේ ඉහළ පෙළේ දේශපාලනඥයකුගේ බලපෑම් හේතුවෙන් නිදහස් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලිසියට ලද ඔත්තුවක් මත කරන ලද වැටළීමක දී එම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
ජාවාරම්කරුවන් මුහුදු මාර්ගය ඔස්සේ ශ්‍රී ලංකාවට ගෙනැවිත් ඇති මෙම ගංජා ‘කේරළ ගංජා’ බවත් එම ගංජාවලට උතුරේ පමණක් නොව දකුණේ ද වැඩි ඉල්ලුමක් ඇති බවත් පැවසෙයි.
ගංජා තිබූ ස්ථානයට පොලිසියේ විශේෂ ඒකකයක් ගොස් ඇති අතර මෙම විශාල ගංජා තොගය තිබී ඇත්තේ පලායි හි යැයි ද වාර්තා වේ.
මෙම වැටළීම කළ අවස්ථාවේ දී එහි ජාවාරම්කරුවන් හා පොලිසිය අතර එහිදී ගැටුමක් ඇති වී ඇතැයි ද පැවසේ. ගැටුම සිදු වූ විගස පොලිස් සැරයන්වරයා ඇතුළු එම විශේෂ කණ්ඩායම ඒ සම්බන්ධයෙන් පොලිසියේ ඉහළ නිලධාරියකු දැනුවත් කර ඇත. එම සැකකරුවන් පිරිස කිසිදු පොලිස් ස්ථානයකට බාර නොදී කිලිනොච්චියට රැගෙන එන්නැයි ඒ අවස්ථාවේ දී එම ඉහළ නිලධාරියා විශේෂ ඒකකයට නියෝග කර ඇත.
සැකකරුවන්ට එරෙහිව ගංජා විශාල ප්‍රමාණයක් ළඟ තබා ගැනීම, පොලිසියේ රාජකාරියට බාධා කිරීම හා පහර දීම යන චෝදනා ගොනු කිරීමට එම අවස්ථාවේ දී පොලිසිය කටයුතු කර ඇත. ඒ අවස්ථාවේදීම අදාළ ඉහළ නිලධාරියාට දෙමළ ජාතික සන්ධානයේ ඉහළ පෙළේ දේශපාලනඥයකුගෙන් දුරකතන ඇමතුමක් ලැබී තිබෙන අතර පොලිස් නිලධාරීන්ට බැණ වැදී ඇති එම දේශපාලනඥයා සැකකරුවන් නිදහස් කරන්නැයි ද නියෝග කර තිබේ.
ගංජා ළඟ තබාගත් සහ පොලිසියට පහර දුන් එම සැකකරුවන් පිරිස ඒ අනුව නිදහස් කර ඇත. එම අවස්ථාවේ දී පොලිස් සැරයන්වරයා “සුම්මා යන්න දුන්නා” යනුවෙන් එහි සිට උපහාසයට මෙන් පවසා ඇත. දෙමළ බසින් “සුම්මා” යන්නේ තේරුම නිදහස යන්න බව ද පැවසේ.
එක් සැකකරුවකු අදාළ දේශපාලනඥයාගේ රියදුරාගේ සහෝදරයකු යැයි ද වාර්තා විය. “ඔන්න ඔහොමයි ඒගොල්ලෝ ප්‍රජාතන්ත්‍රවාදය” ආරක්ෂා කරන්නේ යනුවෙන් ඒ ප්‍රදේශය බාර පොලිස් නිලධාරියා ඒ අවස්ථාවේ දී උපහාසයට මෙන් පවසා ඇත.
අදාළ පොලිස් නිලධාරීන් මේ පිළිබඳව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා දැනුවත් කර ඇත. පොලිස්පතිවරයා මෙම කරුණ ආරක්ෂක අමාත්‍යාංශයේ අවධානයට යොමු කිරීමට නියමිත යැයි ද වාර්තා විය. උතුරේ මත්ද්‍රව්‍ය පාලනය සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන මොහොතේ ඊට වැඩි වශයෙන් බලපෑම් එල්ල වී ඇත්තේ දේශපාලනඥයන්ගෙන් බව ද කියැවේ.
(සන්ඬේ ටයිම්ස් ඇසුරිනි)
055
COMMENTS
අනේ මේ කාලකණ්ණි දේශපාලකයාටයි, මේ ගෝලයන්ටයි වෙඩි තියෙන්න එකෙක් නැද්ද?
මෙයට අදහස් ප්‍රකාශ කිරීමත් විහිලුවක් කොන්ද පන නැති අය රට පාලනය කරනකොට මෙහෙම වෙනවා
මට එහෙම දෙස්පාලුවෙක් ඔයවගේ නියෝගයක් දුන්නොත් මගේ නිල ඇදුම ජනාධිපතිගේ මෙසේ උඩින් තියලා නම්බු පිටින් එලියට බහිනවා ලැජ්ජයි නින්දිතයි
පොලිසියේ වැරැද්ද දේශපාලුවාට දමන්න එපා. උගේ කීමට ඇයි නිදහස් කලේ? ඔබලා පිළිපැදිය යුත්තේ පොලිස්පතිගේ නියෝග පමණයි නේද? දැන් දේශපාලුවා මාධ්‍යට කීවොත් මගේ සම්බන්දයක් නැහැ පොලිස්සිය පගාවගෙන මිනිස්සු නිදහස්කලා කියලා ඔබලාට කටඋත්තර නැහැනේද?
පාට ,පක්ෂ, ලකුණු වෙනස් උනත් "දේශපාලුවන් යනු සමාන අදහස් තිබෙන අය " බව මෙය ද හොද උදාහරණයකි.
දැන් දැන් සිල්ලර කඩවලත් කේරළ ගංජා විකුනන්න තියෙනවා. කරුණාකර අනාගත පරපුර ගැන හිතල සිල්ලර කඩ පවා විමසුමට ලක් කර සියලුම කේරළ ගංජා අදාළ TNA මන්ත්‍රී වරයාට පොවන්න. තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ වත් මේ දේශප්‍රේමී TNA මන්ත්‍රී ගේ නම ලබාදෙන්න බැරිද ?
රාජකාරියට බාදා කරා කියලා හිරේ යවන්න බැරිද ?
සංහිඳියාව සිංහල අපිට විතරයි...
ඔන්න පේනවනේ තමන්ගේ ජාතියට වගේම අනිත් අනිත් ජාතින්වලත් විනාශයට මගපාදන කට්ටියක් ඉන්නවා හැම පක්ෂයකම
වරදට අදාළ භාණ්ඩ සමග (මත්ද්‍රව්‍ය ) අසු වූ සැකකරු මුදාහළේනම් එය සමස්ථ පොලිසියට නින්දාවක්. සැකකරු මුදාහැරීමෙන් පසු පොලිස්පතිවරයා දැනුවත් කිරීමද කළ යුත්තේ?. මන්ත්‍රී බලතල අමාත්‍ය බලතල පාවිච්චි කරමින් රටේ නීතිය අවභාවිතා කිරිම නින්දිත ය. නීතිය හා සාමය අමාත්‍ය ධූරය ජනාධිපති තුමා යටතේ පවතී. ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ,ඇතුළු රටේ වගකිවයුතු සියලු දෙනා මේ පිළිබඳව වගවිය යුතුය. ඒ වගකීමෙන් කිසිවෙකුටත් බැහැර විය නොහැක. ඒකීය රටක පාර්ලිමේන්තු බලතල හා පලාත් සභා බලතල යටතේ මෙසේ නම් ඉඩම් පොලිස් බලතල සහිත දේශපාලන බලය (පෙඩරල් හෝ අර්ධ සංධීය ) උතුරට ලබා දෙන ලෙස කරන ඉල්ලීම පිළිබඳව උතුරේ අනාගත දේශපාලන හැඩ තලය මේ මගින් සිතා ගත හැකිය.
දෙමළ ජාතික සංධානයත් පටන් ගත්තාද පොලීසියට උපදෙස් දෙන්න. මෙතන පොලිසිය වරදක් කරලා තියෙනවා. මොකටද බඩුත් එක්කම හොරු අල්ලගෙන ඉන්න වෙලාවේ ඒ අයව නිදහස් කෙරුවේ? අනෙක ටී.එන්.ඒ. එක මෙච්චර නටන්නේ රනිල්ගේ හුරතලේ හින්දා.
බමුණුගේ කතාව මමත් අනුමතකරනවා දේශ පාලකයන්ගෙන් වැඩක් නැහැ.. පොලිසියෙන් විය යුත්තේ නියම රාජකාරියයි...