IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


‘ක්‍රයිස්චර්ච් වෙඩිතැබීම්-ලංකාවේ ප්‍රහාර අතර සබඳතාවයක් ඇතිබවට තොරතුරු ලැබී නැහැ’

ශ්‍රී ලංකාවේ පසුගිය පාස්කු ඉරිදා දින සිදුකරන ලද විනාශකාරී ප්‍රහාරය හා නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් පල්ලියේ මාරාන්තික වෙඩිතැබීම අතර සබඳතාවක් ඇති බවට තම රජයට කිසිදු බුද්ධි අංශ තොරතුරක් ලැබී නොමැති බව නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආඩේන් මහත්මිය පවසයි.
 
ඕක්ලන්ඩ්හි පැවති මාධ්‍ය සාකච්ඡාවකදී නවසීලන්ත අගමැතිනිය මේබව පවසා ඇත.
 
ශ්‍රී ලංකාවේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන රුවන් විජේවර්ධන මහතා පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධව නවසීලන්ත අගමැතිනිය මෙම අදහස් පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
ශ්‍රී ලංකාවේදී විශාල පිරිසකට මරු කැඳවමින් පල්ලි හා හෝටල් වල සිදුකරන ලද බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධ මූලික විමර්ශනවලින් හෙළිවී ඇත්තේ එය පසුගිය මාර්තු 15 දින නවසීලන්තයේ මුස්ලිම් පල්ලියේ මාරාන්තික වෙඩි තැබීමට පළිගැනීමක් ලෙස සිදුකරන ලද්දක් බව එහිදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත.
 
 මෙවන් දාම බෝම්බ ප්‍රහාරයක් එතරම් කෙටි කාලයක් තුළ සැලසුම් කිරීමට හැකියාවක් ඇද්ද යන්න සම්බන්ධව ආරක්ෂක විශේෂඥයින් හා විශ්ලේෂකයින් ප්‍රශ්න කරන බවද විදෙස් මාධ්‍ය පවසයි.
 
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (10)

‘ක්‍රයිස්චර්ච් වෙඩිතැබීම්-ලංකාවේ ප්‍රහාර අතර සබඳතාවයක් ඇතිබවට තොරතුරු ලැබී නැහැ’

Indhika Wednesday, 24 April 2019 07:14 AM

ඔය සිද්ධි දෙක කිසිසේත්ම සම්බන්ධයි කියලා මම නම් හිතන්නේ නැහැ. ක්‍රයිස්චර්ච් සිද්ධිය වෙලා තාම වැඩි දවසක් නැහැ. ලංකාවේ සිද්ධිය ගොඩක් කල් ඉඳලා සැලසුම් කරපු එකක් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. අපේ ලංකාවේ අය තම තමන්ගේ අඩුපාඩුකම් වහගන්න සිද්ධි දෙක සම්බන්ධ කරන්නේ...

:       0       66

ගල්කටස් Wednesday, 24 April 2019 07:28 AM

ගරු මැතිණියනි, කලබල නොවන්න මේ සිරිලංකාව අපේ මහ අය කෙබර කෙලින්නේ කියලා ජනතාව නම් දන්නවා. කලින් දැනගෙන හංගන් හිටියෙත් අපෙ මහා අයම තමයි. දැන් බයිලා කියවනවා..

:       1       163

Nuwan Wednesday, 24 April 2019 07:47 AM

අපේ මෝඩ දේශපාලකයෝ නවසිලන්තේ මේකට ඈඳාගත්තට බුද්ධිමත් මිනිස්සු දන්නවා මේක තවත් ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරයක් බව...

:       0       52

ලසන්ත Wednesday, 24 April 2019 07:49 AM

එහෙ අගමැතිණිය ලබුණු තොරතුරු, ලැබෙන තොරතුරු, විය හැකි, විය නොහැකි සියලු දේ පිළිබඳ අවධානයෙන්. මෙහෙ ලියුමක් ආවත් පහළට පහළට යොමුකරලා, කියවන්නේ පහළම මට්ටමේ ඉන්න ක්ෂණිකව කිසිවක් කිරීමට බලයක් නැති නිලධාරීන්...

:       0       25

anura Wednesday, 24 April 2019 08:08 AM

අපේ රටේ වගකිවයුත්තෝ හිතාගෙන ඇති මෙහෙ අයව ගොනාට අන්දනවා වාගේ විදේශිකයන්වත් එලෙස කරන්න පුළුවන් කියලා.

:       0       68

wimal Wednesday, 24 April 2019 09:03 AM

හරියට හරි ඔබතුම්යගේ කතාව, මේහේ ඉන්නේ පඹයින් වගේ ඇමතිලා...

:       0       125

amara Wednesday, 24 April 2019 09:05 AM

ජාත්‍යන්තර අනුකම්පාවක් ලබා ගැනීමටද? එ්ත් නවසීලන්තය ඊට ඉඩදී නැති බව පෙනේ...

:       2       93

Sugath Wednesday, 24 April 2019 09:42 AM

ආණ්ඩුවටත්, ඉහළ නිලධාරීන්ටත්, ලැජ්ජාව ගෑවිලාවත් නැහැ.

:       0       36

උදය Wednesday, 24 April 2019 12:01 PM

හිතාගෙන ඉන්නෙ ප්‍රති ප්‍රහාරයක් කියලා. පව් ..

:       0       1

Bamunuarachchi Wednesday, 24 April 2019 05:26 PM

එහෙම සම්බන්ධයක් නැති බව අපි දනිමු. අපේ දේශපාලකයෝ ඔවුන්ගේ ගැලවීමට මේ සම්බන්ධකම් ඉදිරිපත් කරනවා. ඔබලගේ රටේ ඉන්න ඒ වීරයාට මගේ උපහාරය... ඔහුගේ නඩුවට මම ඩොලර් කීපයකින් ආධාර කිරීමට මැලිවන්නේ නැත...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 861 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 969 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 392 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site