(යොහාන් භාසුර)
වරායේ සිරවී තිබෙන කිරිපිටි කිලෝ 360,000 ට අදාල ලිපිගොනු මහ බැංකුව අද දිනයේ වාණිජ බැංකුවලින් ලබාගෙන ඇති බවත් ඒ අනුව කිරිපිටි තොගය ලබන අඟහරුවාදා වන විට නිදහස්කරගැනීමට හැකිවේ යැයි බලාපොරොත්තු වන බවත් කිරිපිටි ආනයනකරුවන්ගේ ප්‍රකාශක ලක්‍ෂ්මන් වීරසූරිය මහතා අද (1) පස්වරුවේ පැවසීය.
මහ බැංකුව විසින් වාණිජ බැංකුවලින් කිරිපිටිවලට අදාල ගෙවියයුතු ඩොලර් සංඛ්‍යාව සහ සෙසු විස්තර ඇතුළත් ලියකියවිලි ලබාදෙන ලෙස කළ ඉල්ලීමට අනුව එම බැංකු අද විස්තර ලබාදී ඇති බවත් ඒ අනුව ලබන අඟහරුවාදා වන විට කිරිපිටි තොගය නිහස්කරගැනීමට හැකිවේ යැයි විශ්වාස කරන බවත් ලක්‍ෂ්මන් වීරසූරිය මහතා වැඩි දුරටත් කීය.
ඩොලර් හිඟය හේතුවෙන් කිරිපිටි කන්ටේනර් 16 ක් මාස තුනක පමණ කාලයක් වරාය සිරවී තිබෙන අතර ඒ හේතුවෙන් මේ වන විට වෙළෙඳපොල තුළ කිරිපිටි නොමැති තත්වයකට පත්ව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නම් නියම දෙපත් නයි. ගෙවීම් නොවේ නම් වෙන රටකට මෙම තොග යැවීමට සිදුවෙන බවත් කිව්වා නේද? අපේ රටේ මිනිසුන් පිටිකිරි බොන්න මෙසේ පුරුදු වී සිටියත් වෙන රටවල මිනිසුන් කිරිපිටි බොනවද යන්න ගැටලුවකි. ලක්‍ෂ්මන් වීරසූරිය ගොයියෝ පුළුවන් නම් යවනවා බලන්න වෙන රටකට මේ තොග ටික... හිතුවාද වෙන රටවල මිනිසුන් මෝඩයින් කියලා පිටිකිරි බොන්න. මේ අය නම් නියම තක්කඩි හිවල්ලු...