IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කොරෝනා සම්බන්ධ පරීක්ෂණවල නියුතු‍ සෞඛ්‍ය සේවකයින් අනාරක්ෂිතයි

(ඩයනා උදයංගනී)

කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් හඳුනාගැනීමේ සහ එම වෛරසය හා සම්බන්ධ පරීක්‍ෂණ කටයුතුවල නිරත සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ආරක්‍ෂාව සම්බන්ධයෙන් ගැටලු පවතින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් කමිටුවේ සභාපති රවි කුමුදේශ් මහතා අද (27) පැවසීය.

විශේෂයෙන්ම මෙවන් පරීක්‍ෂණ කිරීමේදී උසස් තත්ත්වයේ රසායනාගාර අවශ්‍ය බව කී කුමුදේශ් මහතා කොරෝනා වෛරසය අඩංගු රෝගියෙකුගේ රුධිර පරීක්‍ෂාවක් කළහොත් එම පරීක්‍ෂාව සිදුකළ ස්ථානයේ අවට වාතය පවා වායුගෝලයට මුදාහැරිය යුත්තේ ආරක්‍ෂිත තත්ත්ව යටතේ යැයි සඳහන් කළේය.

වෛරසය හඳුනා ගැනීමට අවශ්‍ය තාක්‍ෂණය වෛද්‍ය පර්යේෂණායතනය සතු වුවත් පවතින ආරක්‍ෂක උපාංග සම්බන්ධ අඩුපාඩු ඇතැයි කී සභාපතිවරයා ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාද දැනුම්වත් කර ඇතැයි කීවේය.

විශේෂයෙන් නිසි ආරක්‍ෂක ක‍්‍රමවේදයන් අහිමි වුවහොත් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයින් මෙන්ම හෙද කාර්යමණ්ඩල, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ආදී පාර්ශ්වයන්ද අවධානමකට ලක්වන බව හෙතෙම පැවසීය.

කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවේ පැතිරීම වළක්වා ගැනීම වෙනුවෙන් අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීම සඳහා පත්කර ඇති සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගෙන් සැදුම්ලත් කාර්ය සාධක බලකායට වෛද්‍යවරුන් හැර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සෙසු නියෝජිතයින් ඇතුළත් නොවීම අඩුවක් බව කී සභාපතිවරයා එයට සෙසු වෘත්තිකයින්ද ඇතුළත් විය යුතු බව සඳහන් කළේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් අදාළ බලධාරීන්ට උපදෙස් දී ඇතැයි කී කුමුදේශ් මහතා ඊට අවශ්‍ය පියවර කඩිනමින් ගනු ඇතැයි බලාපොරොත්තු වන බව ද කීවේය.

 

 



අදහස් (9)

කොරෝනා සම්බන්ධ පරීක්ෂණවල නියුතු‍ සෞඛ්‍ය සේවකයින් අනාරක්ෂිතයි

Af Monday, 27 January 2020 04:31 PM

කොරෝනා මොනවද අනේ? දැන් රජයට තියන ගැටලුව 2/3 ගන්න එක... නැතුව එයාලට විසඳුම් සොයන්න බෑ නොවැ...

:       0       0

ඉරාන් Monday, 27 January 2020 05:54 PM

කැබිනට් රැස්වීමට ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා ගන්නෙ නෑ. තෝරු මෝරු අස්සෙ ගප්පි රිංගන්නැතුව ඉන්න. පුලුවන්නනම් මේක පෙන්නලා පඩිය වැඩි කරන්න කියයි. එහෙම කට්ටිය මේ.

:       1       0

indika Tuesday, 28 January 2020 01:44 AM

රිස්ක් අලවන්ස් එකක් ගෙවන්නේ ඒකට තමයි.

:       1       1

රවින් Tuesday, 28 January 2020 02:13 AM

ඇයි මේ අන්තිම මොහොතේ? කොමිෂන්ද? මේ කියනවිදියට දැනටමත් එම පරීක්ෂකයින් හා තාක්ෂනවේධීන් විවිධ ආසාදන වලට අනාවෘත වී ඇතිනේද? සෙල්ලම් කරන්නේ අනුන්ගේ ජිවිත එක්ක නේද? වෛද්‍ය වරයා පරීක්ෂණ ආයතනයේ ඉහලම පුටුවක හිටපු අයෙක් දැන් දේශපාලනය කරනවානේද? මෙතෙක් දවස් එයා මොකද කලේ. මෙවැනි අවස්ථා වලට මුහුණදීමට අවශ්‍ය ක්‍රියාපටිපාටයන් ඒ අයවලුන් දන්නේ නැද්ද? නැතිනම් තනතුරේ පුටුව රත් කරකර තම සැපපහසුකම් ගැන සොයසොයා හිටියා විතරද? මෙවැනි ප්‍රශ්න රාශියකට පිළිතුරු දෙස්පාලුවාගෙන්ම අසා දැනගත යුතු කාරනා නොවේද?

:       4       121

eresh S kumara Tuesday, 28 January 2020 03:19 AM

සාත්තු කරන්න ඉන්න අය ආරක්ෂා කරගතයුතුයි සැමට කලින්

:       0       10

ranjith Tuesday, 28 January 2020 04:59 AM

මේ අවස්ථාවේ රෝගීන් ප්‍රතිකාරය සදහා ඉදිරිපත් වීමත් ලොකු දෙයක් මේ අයට උපරිම ආරක්ෂාව සහ පහසුකම් සලසා දීම කල යුතුය.

:       0       1

mahinda Tuesday, 28 January 2020 09:15 AM

මේ ඔක්කොම දන්නා කෙනෙක්නෙ ලේකම් එයාට කියන්න. පටස් ගාලා විසඳයි නැත්නම් වර්ජන කරයි.

:       0       0

rama Tuesday, 28 January 2020 09:22 AM

අර සමන් රත්නප්‍රිය ගෙන් අහලා බැලුවා නම් හොඳයි කොහොමද ආරක්ෂා වෙන්නේ කියලා.

:       0       0

Sellallara Tuesday, 28 January 2020 11:23 AM

පඩි වැඩි කරගැනීමට නියමිතයි.

:       0       31

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 664 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site