(නිමන්ති රණසිංහ)
කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් මේ වන විට පොලිස් නිලධාරීන් 8 දෙනකු මිය ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම මරණ අතරෙන් හය දෙනකු ම මරණයට පත් වී ඇත්තේ ඉකුත් මැයි මස 12 වැනිදා ඉන් පසුව එනම්, කොරෝනා තුන්වෙනි රැල්ලෙන් බවද එම ආරංචි මාර්ග පවසයි.
කොරෝනා පළමු සහ දෙවැනි රැල්ලෙන් පොලිස් නිලධාරින් එක් අයකු බැගින් ද, තෙවැනි රැල්ලෙන් පොලිස් නිලධාරීන් හයදෙනෙකු ද වශයෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 8 දෙනෙකු මේ වන විට කොරෝනා ආසාදනයෙන් මිය ගොස් ඇතැයි එම ආරංචි සඳහන් කරයි.
මිය ගිය පොලිස් නිලධාරීන් තිදෙනෙකු කුරුණෑගල පොලිසියේ සේවය කළ අයවලුන් වන අතර, මියගිය අනෙක් අය මොනරාගල , බණ්ඩාරවෙල, බදුල්ල, තෙල්දෙණිය සහ හලාවත යන පොලිසිවල සේවය කල බවද පැවසෙයි.
මෙම මරණ අතර උප පොලිස් පරීක්ෂකවරු සිවුදෙනකු පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ද වෙති.
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය පළමු පොලිස් නිලධාරියා වූයේ මොනරාගල පොලිසියේ සේවය කළ උප පොලිස් පරීක්ෂක පී එන් අන්දිරිස් අප්පු මහතා වන අතර ඔහු ඉකුත් පෙබරවාරි මස 6 වැනිදා මරණයට පත්විය.
2025 දෙසැම්බර් මස 18
283
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොරෝනා වැළදීමෙන් පොලිස් නිලධාරීන් 8 ක් මිය ගිහින්