IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


කොරෝනා වසංගතයක් බවට පත්වීමේ අවදානමක්

රටවල් 100 කට ආසන්න සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ගොස් තිබෙන කෝවිඩ්-19 යනුවෙන් හැඳින්වෙන මාරාන්තික කොරෝනා වයිරසය ‘ලෝක වසංගතයක්’ බවට පත්වීමේ ‘‘දැඩි අවදානමක්’’ ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අද (9) අනතුරු ඇඟවීය.

කෙසේ නමුත් එය පාලනය කළ හැකි බව ද එම සංවිධානය අවධාරණය කරයි.

‘‘කොරෝනා වයිරසය ලෝක වසංගතයක් බවට පත්වීමේ දැඩි අවදානමක් තිබෙනවා’’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් අදනොම් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවැසීය.

‘‘අපි මේ වයිරසය සුළුවෙන් තකන්නේ නැහැ. එහෙත් ලෝක ඉතිහාසයේ පාලනය කළ හැකි පළමු වසංගතය ලෙස මෙය සලකන්න පුළුවන්’’ යැයි ද චීනයේ කොරෝනා ආසාදිතයන්ගෙන් සියයට 70කට වැඩි පිරිසක් මේ වනවිට සුවය ලබා ඇතැයි ද එහිදි ඔහු කීය.

කොරෝනා ආසාදිතයන්ගෙන් 80,000කට වැඩි පිරිසක් සිටින්නේ චීනයේ යැයි ද ඔවුන්ගෙන් සියයට 70කට වැඩි පිරිසක් මේ වනවිට සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇතැයි අදනොම් කීවේය.

කොරෝනා වයිරසය හේතුවෙන් මේ වනවිට 3,800කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර 110,000කට වැඩි පිරිසකට වයිරසය ආසාදනය වී ඇත.

කොරෝනා වයිරසයේ ගෝලීය ව්‍යාප්තියත් සමඟ බොහෝ රටවල් දැඩි මෙන්ම කිසිවකුත් අපේක්ෂා නොකරන ආකාරයේ පියවර ගනිමින් සිටිති.

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය නිසා සිරකරුවන් 70,000ක් තාවකාලිකව නිදහස් කිරීමට ඉරානය අද පියවර ගත් අතර ඉතාලිය ඇතුළු රටවල් රැසක් මේ වනවිට පොදු ස්ථාන මෙන්ම ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන වසා දමා ඇති අතර තවත් බොහෝ රටවල් නගර වසා දමමින් ගමන්බිමන් සීමා කරමින් දැවැන්ත නිරෝධායනය කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.

පාසල් වසා දැමීම යනාදී ක්‍රියාමාර්ග හේතුවෙන් ලොවපුරා සිටින මිලියන 290කට වැඩි දරුවන්ගේ අධ්‍යාපනයට බාධා එල්ල වී ඇතැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේය.

කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීය කොටස් වෙළෙඳපොළවල දැවැන්ත කඩා වැටීමක් පෙන්නුම් කරන අතර බොරතෙල් මිල ගණන් ද පහත වැටී ඇත.

කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැස් කරගෙන නිවෙස්වලට වී සිටින්නැයි ඇමෙරිකා එක්සත් ජනපද බලධාරීහු අද එරට වැඩිහිටි සහ විවිධ රෝගාබාධවලින් පෙළෙන ජනතාවට උපදෙස් දුන්හ.

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මේ වසරේදී ගෝලීය ආර්ථිකයට ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.0ත් 2.0ත් අතර පාඩුවක් සිදුවනු ඇතැයි ද එක්සත් ජාතීන්ගේ ආර්ථික විද්‍යාඥයෝ අද අනතුරු ඇඟවූහ.

ඒ.එෆ්.පී.

055



අදහස් (7)

කොරෝනා වසංගතයක් බවට පත්වීමේ අවදානමක්

පිටිගල මිලානෝ Monday, 09 March 2020 06:25 PM

බුදුන්වහන්සේ දෙසු ධර්මය මෙම ව්‍යසනය මනා කොට තේරුම් කර දෙයි. වැඩි විස්තර මෙහි ලිවීමට නොහැකි වුනත් කෙටියෙන් කියතොත්, උන්වහන්සේ මිනිසාට කිසිම විටකදීවත් ආහාරයට සුදුසු නොවන මාංශ වර්ග ගැන දේශනා කළේ නිකමට නොවේ. ඉන් එකක් සර්ප මස් සහ අනෙක අශ්ව මස් (තවත් වර්ග ඇත). චීනයේ වුහාන් ප්‍රදේශය සර්ප මස් ලෝලීන්ගේ රජදහනක්. එහි ඇති සර්ප මස් විකුණන වෙළඳමධ්‍යස්ථානය ආශ්‍රිතව ගැවසුණු සියල්ලටම මුලින් කොරෝනා හැදුනු බව ඔප්පු වුන නිසා එය විෂබීජානුහරණය සඳහා ගිනිතිබ්බා. කොරියන් කාරයෝද නයි කන්න චීනට දෙවැනි නැහැ. ඇයි දැන් ඉතාලිය? උතුරු ඉතාලියේ ප්‍රධානතම සහ ප්‍රියතම මස් වර්ගයක් තමයි අශ්ව මස්. මිලානෝ ඇතුළු උතුරු ඉතාලියේ අශ්ව මස් සඳහා වූ වෙනම මස් කඩ තිබෙනවා. අපේ සිංහල අයත් තලු මර මර බොහොම ගුණයි, ප්‍රෝටීන් ගොඩක් තියෙනවා කියා කියා අශ්ව මස් කනවා මා දැක තියෙනවා. මෙය රහසක් නොවේ. බුදු බණ දහමේ තිබෙන දේවල් සර්වකාලීනයි. මේවා ගැන දැනමුත්තන්ගෙන් අසා වැඩි විස්තර සොයා ගන්න.

:       4       2

lanka Monday, 09 March 2020 11:55 PM

ලංකාවේ මිනිස්සුන්ට මේක හැදෙන්න තියෙන අවදානම ගොඩක් අඩුයි. ඒ නිසා ලොකුවට බය වෙන්න දෙයක් නැහැ. මේ වෛරසය බිහිවෙලා තියෙන්නෙම සහ ව්‍යාප්ත වෙන්නේ සීත රටවල මිනිස්සුන්ට. සමකය ආසන්න ප්‍රදේශ වල මෙය ගමන් කරන්නේ නැහැ. අපි බයවෙන්න ඕන ඩෙංගු වසංගතය සහ උතුරුමැද පළාතේ ව්‍යාප්ත වෙන වකුගඩු රෝග වගේ අංශ ගැන. නමුත් අපේ පාලකයෝ ඒවා වලින් මිනිස්සු මැරෙන්න ඇරලා මේ කොහෙවත් නැති කොරෝනාවක් පාලනය කරන්න බොරුවට දඟලනවා. අපේ රටේ ඩෙංගු පාලනය කරන්න මොනවද අරන් තියෙන පියවර? බොහොම සුළු වියදමකින් ඩෙංගු රෝගය සහ මේ මදුරු වසංගතය විනාශ කරන්න පුළුවන් කම තියෙද්දිත් නිදාගෙන ඉඳලා දැන් ලංකාවට එන්නේ නැති කොරෝනාවක් ගැන බොරුවට මිනිස්සු බය කර කර සල්ලි වියදම් කරනවා.

:       111       20

සෑම් Tuesday, 10 March 2020 03:53 AM

ලංකාවට ප්‍රශ්නයක් නෑ. අපි කොරෝන වලට වඩා දරුණු රාජපක්ෂ සහ රනිල් වසංගතයන් සමග දශක 2 කට‍ වඩා ජීවත් වෙනවා. තව ඉදිරියට අවුරුදු 5ක් දරුණු වසංගතයකට ලක ලැස්ති වෙමිනුයි අපි ඉන්නේ. තවම පේනතෙක් මානයක අපිට එන්නතක් නෑ.

:       0       51

sanju Tuesday, 10 March 2020 05:32 AM

ගෝලීය ආර්ථිකය කඩා වැටුනා කියල සල්ලි වලින් කරන්න බැරි දේවල් තියනව කියලා ලෝකවාසී සියලු සත්වයන්ට වැටහේවා !

:       1       9

මුණසිංහ Tuesday, 10 March 2020 07:20 AM

මෙයාලට මේ බව මතක් වෙන්නේ යුරෝපයට බෝ වෙන්න පටන් ගත් පසුවයි. චීනය දහ දුක් වින්දා-දැක්කෙ නැහැ වගේ හිටියා.

:       57       6

Aris Tuesday, 10 March 2020 09:34 AM

වසංගත අවදානමක් බව කාටත් තේරෙනවා. මේ සංවිධානයෙන් ලෝකයා බලාපොරොත්තු වන්නේ මේ රෝගය පිළිබද දැනුවත් කිරීමක්. කොහොමද මේ වසංගතය වැළදෙන්නේ ? ඒ ගැන නිසි උපදෙස් දෙන්න ඕන. එන්නතක් සොයනවද? පර්යේෂණ තත්වයේද තියෙන්නේ ? මේ ගැන පැහැදිලි කිරීමක් කරලා මිනිස්සුන්ගේ රෝග බිය නැති කරන්න ඕන.

:       0       0

Aris Tuesday, 10 March 2020 09:34 AM

වසංගත අවදානමක් බව කාටත් තේරෙනවා. මේ සංවිධානයෙන් ලෝකයා බලාපොරොත්තු වන්නේ මේ රෝගය පිළිබද දැනුවත් කිරීමක්. කොහොමද මේ වසංගතය වැළදෙන්නේ ? ඒ ගැන නිසි උපදෙස් දෙන්න ඕන. එන්නතක් සොයනවද? පර්යේෂණ තත්වයේද තියෙන්නේ ? මේ ගැන පැහැදිලි කිරීමක් කරලා මිනිස්සුන්ගේ රෝග බිය නැති කරන්න ඕන.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ජනපති පාප්තුමන්ට සුබ පතයි
2025 මැයි මස 09 19 0

14 වැනි ලියෝ පාප් තුමන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ.


දණිස් අමාරුකාරයන්ට සුබ ආරංචියක්
2025 මැයි මස 09 308 0

සම්පූර්ණ දණහිස් ප්‍රතිස්ථාපන (TKR) පද්ධතිය සඳහා ශරීරයට බද්ධ කරන TKR සංරචක කට්ටල 3,000 ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත


සිතුල්පව්ව-තිස්සමහාරාම පොසොන් පින්කමට රජයෙන් අත
2025 මැයි මස 09 167 0

සිතුල්පව්ව හා තිස්සමහාරාම විහාරස්ථාන මූලික කර ගත් පොසොන් උත්සව මාලාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍


වෙසක් උත්සවයට අද සිට විශේෂ දුම්රිය සේවා
2025 මැයි මස 09 167 0

වෙසක් උත්සවය හා රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවා අද (09) සිට ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.


ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයක් කඩා වැටෙයි
2025 මැයි මස 09 1542 0

මාදුරුඔ‍ය යුද හමුදා කඳවුරේ විශේෂ කාර්ය බළකායේ විසිර යාම උත්සවයේ පුහුණුවීම් ක්‍රියාවලිය සඳහා පිටත් වූ ශ්‍රීලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානය


බලය පිහිටුවන්න පක්ෂ රැසක් මහපොරයක
2025 මැයි මස 09 1148 0

ජාතික ජන බලවේගය( මාලිමාව) ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන 149ක පාලන බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ ගණනාවක් එකවර උත්සාහ දැරීම හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්ව


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1246 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 316 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1342 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site