IMG-LOGO

කොරෝනා වාර්තාව දෙන තෙක් පුටුව කුඩයට

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

රැපිඩි ඇන්ටිජන් පරීක්ෂණවලට ලක්වීමෙන්⁣ පසු කොරෝනා ආසාදිත වී ඇති  බවට තහවුරු වූ පිරිසක් සිය වාර්තාව ලැබෙන තුරු මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අසල මහ පාරේ වැස්සෙන් බේරීමට පුටුවලින් හිස ආවරණයක් සේ තබාගෙන සිටියහ.

පරීක්ෂණය අවසන් වූ විගස තම වාර්තාව ලබා දුන්නේ නම් මෙවැනි පීඩාවකට පත්වීමට සිදු නොවුණ ඇති බව පවසූ කොරෝනා ආසාදිත වූවෝ අදාළ වෛද්‍යවරයා ගේ වාර්තාව ලැබෙන තුරු පැය තුන හතරක් මෙසේ රැඳී සිටීමට සිදුවීම කනගාටුවට කරුණක් බව සඳහන් කළහ.

මෙය සම්බන්ධව මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් රණසිංහ මහතාගෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කළේ ඒ මේ සම්බන්ධයෙන් තමන්ට ද දැනගන්නට ලැබුණු බවත් මින් ඉදිරියට එවැනි පීඩාවකට ලක්වීමට ඉඩ නොතැබීමට අවශ්‍ය පියවර ගත් බවයි.

 



අදහස් (2)

කොරෝනා වාර්තාව දෙන තෙක් පුටුව කුඩයට

අප්පුහාමි Wednesday, 10 November 2021 10:25 AM

1997 පළාත් සභා ආරම්භ කරන තෙක් සේවා ලාභීන්ට සැලකීමක් තිබුනත් ඉන් පසුව එම තත්ත්වය 75% කින් පමණ අඩුවිය.ඉන් පසුව එලදායිතාවය කියන S 5 සංකල්පය ක්‍රියාත්මක කිරීමෙන් පසුව ඉතිරීයත් අවසන් විය.ඒ සමග ලේඛනාරක්ෂක නීති අනුව ආයතනයක් ආරම්භ කල දිනසිට පවත්වා ගත යුතු ආයතනයේ විස්තර ගොණු පවා විනාශ කර ඇත

:       0       1

Bamunuarachchi Wednesday, 10 November 2021 01:03 PM

අනේ අපරාදේ පුටු තෙමෙනවා....

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 303 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 484 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 192 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site